1980/90 දශකයේ නිශ්පාදිත විශේෂයෙන් මිට්සුබිෂි වාහන වල රේඩියේටරය (radiator) සහ කූලර් යුනිට් (cooler unit) එක නිශ්පාදනය කරනු ලැබුවේ තඹ වලින්. තඹ ඉතාමත් හොඳ තාප සන්නායකයක්. ඒ නිසා රේඩියේටරය ඉක්මනින් රත් වීමත්, ඒ නිසා එන්ජිම වැඩ කරන උෂ්ණත්වය (working temperature) ට ළඟා වීමත් පහසුවෙන් කර ගැනීමට හැකි වුනා. කූලර් යුනිට් එක සැලකුවොත්, තඹ වලින් නිශ්පාදිත හෙයින් වායුසමීකරණ යන්ත්‍රය ඉක්මනින් කූල් කරන්නට සමත් වුනා. ඒ වගේම, ඒ කූල් එක සෑහෙන වෙලාවක් අල්ලාගෙන ඉන්නටද සමත් වුනා. එනමුත්, පසු කාලයේදී රේඩියේටරය, කූලර් යුනිට් එක තඹ වෙනුවට ඇලුමිනියම් වලින් නිශ්පාදනය කරන්නට පටන් ගත්තා. ඒකට හේතුව වශයෙන් තඹ වලට වඩා ඇලුමිනියම් සැහැල්ලු වීමත්, එනයින් මෝටර් රථයේ බර අඩු කිරීමට හැකි වීමත්, මිළ අඩු වීමත් දක්වන්නට පුළුවන්. නමුත්, නිශ්පාදකයා මේ කරුණු ගැන කිසිත් සඳහන් නොකර, ලොවට කියා සිටියේ ඇළුමිනියම් ලෝහය ඉක්මනට රත් වන හෙයින්, තාප හුවමාරුව ඉක්මනින් සිදු වන බව යි. එනමුත්, කූලර් යුනිට් එක සැලකුවහොත්, ඇළුමිනියම් නිසා ඒ/සී එක ක්ෂණිකව කූල් වන බව සත්‍යයක් වුවත්, තඹ මෙන් සිසිලස වැඩි වේලා අල්ලාගෙන නො...
Comments
Post a Comment