History Of Volvo Motor Company
අද වොල්වෝ නාවික හා කාර්මික යෙදවුම්,ගුවන්,අභ්‍යවකාශ සංරචක සහ මූල්‍ය සේවා,වාණිජ මෝටර් රථ,ට්‍රක්රථ,බස් රථ හා ඉදිකිරීම් උපකරණ නිපදවන ලෝක ප්‍රමුඛ ස්වීඩන් නිෂ්පාදකයෙකු වුවත් මෝටර් රථ නිෂ්පාදකයෙකු ලෙස 1927 දී සිය ප්‍රථම මෝටර් රථය ජැකොබ්(Jakob)ලෙස ස්වීඩනයේ ගෝතේන්බර්ග්
(Gothenburg,Sweden) හි නව කර්මාන්තශාලාවෙන් උපත ලැබීය.
ඇසාර් ගැබ්රිලාසන් (Assar Gabrielsson) හා ගුස්ටාෆ් ලාසන් (Gustaf Larsson)යන අය විසින් ආරම්භ කර ඇති සමාගම ඉතාම වැදගත්,වොල්වෝ මෝටර් රථ සඳහාම අදාළ වන සංකල්පයක් වූ ගුණාත්මක හා ආරක්ෂාව පිළිබඳ පසුබිම මත පිහිටුවන ලද අතර ඇසාර් ගැබ්රිලාසන් ගේ බිරිඳ රිය අනතුරකින් මියයාම වඩාත් ආරක්ෂිත වොල්වෝ වාහන නිපදවීමට ප්‍රධාන ලෙසම බලපෑ හේතුව විය.
වොල්වෝ,සමාගමක් ලෙස 1915 මැයි මස දී ලියාපදිංචි කරන ලද අතර සමාගම වඩා හොඳ සමකාලීන ඇමරිකානු ආනයන්ට වඩා කටුක ස්වීඩන් දේශගුණය දරා ගැනීමට ඉදි කරන ලද නව සිලින්ඩර හතරේ OV4 හා PV4 ආකෘති සංවෘත හා කැබ්රියෝලට් යන දෙයාකාරයෙන් ඉදිරිපත් කරන ලදී.තවමත් අද දක්වාම වොල්වෝ මෝටර් රථ මත දැක ගත හැකි වොල්වෝ උරුමයේ තවත් අංගයක් ලෙස ස්වීඩනය සංකේත කිරීම සඳහා ඉදිරිපස ග්‍රිල් මත ලෝහ විකර්ණ කෑල්ලක් ද සවිකර ඇත.
1929 දී සිලින්ඩර් හයේ PV651 ආකෘතිය ජැකොබ් මාදිලියට වඩා දිගු සහ පුළුල් යන දෙයාකාරයෙන්ම හඳුන්වා දී ඇත.එහි සාර්ථකත්වය නිසා සිය ප්‍රථම කර්මාන්ත ශාලාව මිලදී ගැනීමට හැකි වූ අතර 1931 අවසන් වන විට සමාගමේ කොටස් හිමියන් වෙත සිය ප්‍රථම ලාභාංශ බෙදාදෙනු ලැබීය.
වොල්වෝ සමාගම සිය පළමු මෝටර් රථ 10,000 සන්ධිස්ථානයට 1932 ළඟා වූ අතර වොල්වෝ මෝටර් රථ අලෙවි නියෝජිතයන් විසින් ජනතාව සඳහා වඩාත් මිල අඩු මෝටර් රථයක් සංවර්ධනය කරන ලෙස සමාගමෙන් ඉල්ලා සිටියේය.මෙම නිර්මාණය සඳහා වැඩි වැඩියෙන් මිල අධික වූ 1936,PV 36 මදිලියට සමාන වන PV 51 ආකෘතිය නිපද වූ නමුත් එය ප්‍රමාණයෙන් කුඩා සහ අඩු පහසුකම් වලින් සමන්විත විය.
එළඹෙන දෙවැනි ලෝක යුද්ධය නිසා සැලකිය යුතු ලෙස වොල්වෝ මෝටර් රථ නිෂ්පාදනයෙ සීමා කළ නමුත්1944 සරත් සෘතුවේ දී සමාගම සිය වඩාත්ම වැදගත් මෝටර් රථ වලින් වූ PV444 නිරාවරණය කළේය.මෙම කුඩා මෝටර් රථය ආකර්ෂණීය පෙනුමකින් යුක්ත වූ අතර යුරෝපීය ප්‍රමාණය සමඟ ඇමරිකානු හපන්කම් ඒකාබද්ධය ක්ෂණික සාර්ථකත්වයක් ගෙනාවේය.මෙම PV444 සහ PV544 මාදිලි වොල්වෝ නිෂ්පාදනයේ ඇමරිකානු වෙළෙඳපොළ ආධිපත්‍ය ලබා ගැනීමේ ප්‍රථම ආකෘති විය.1956 දී තවත් ජනප්‍රිය ආකෘතියක් වූ වොල්වෝ 120 හඳුන්වා දුන් අතර මෙය ඇමසොන් නමින් හැඳින්විය.
ලෝකයේ පළමු ආරක්ෂක අංගයන් සහ අනතුරැ ආරක්ෂක උපාංගයන්ට මූලික ඉංජිනේරු අඩිතාලම,වොල්වෝ මෝටර් රථ පුරෝගාමීව සොයාගැනීමකි.රිය අනතුරකින් ආරක්ෂාව ප්‍රධානකොටගත් මෙම මෝටර් රථ නිර්මාණය,ඇමසෝන් හා PV 544 යන රථ දෙකේම ත්‍රී වේ සීට් බෙල්ට් සහිත වූ අතර මෙය තවදුරටත් 1959 දී වොල්වෝ හි එවකට ආරක්ෂාව සම්බන්ධව සිටි ප්‍රධාන ඉංජිනේරැ නීල්ස් බොහිලින්(Nils Bohlin)විසින් වැඩි දියුණු කරන ලදී.
1956 දී වොල්වෝ පළමු ස්පෝර්ට් මෝටර් රථය P1900 ආරම්භ කල නමුත් එය කෙටි නිෂ්පාදනයකට පමණක් සීමා වුණු අතර එය 1960 දී අති සාර්ථක P1800 මගින් යලි ප්‍රතිස්ථාපනය කළේය.ස්ලීක් කූපේ (sleek coupe)මෝටර් රථය සමග වොල්වෝ විශිෂ්ඨ කූපේ මෝටර් රථ ගමනක් ආරමභ කල අතර වොල්වෝ P1800 මාදලය රොජර් මුවර්(Roger Moore-ඉංග්‍රිසි චිත්‍රපට නළුවෙකි)සමග "වන් සෙන්ට්" රූපවාහිනී වැඩසටහන් මාලාව තුළින් අතිශය කීර්තියක් ළඟා කරගත් මෝටර් රථය විය.
1964 වන විට වොල්වෝ සමාගම ට්‍රොස්ලන්ඩා(Torslanda)හි නව නිෂ්පාදන බලාගාරය විවෘත කළේය.මෙමගින් ස්විඩනයට අවුරුද්දකට මෝටර් රථ 200,000 පමණ නිපදවීමට හැකි විය.1966 වන විට වොල්වෝ 140 පළමු සැලූන් මෝටර් රථය ලෙස හඳුනවා දුන් අතර පසුව ස්ටේට්(estate) ද හඳුන්වා දෙමින් වොල්වෝ ෆැමිලි කාර් වෙළෙඳපොළ ශක්තිමත් කිරීමට උපකාර වූ අතර ක්‍රම ක්‍රමයෙන් නැගී සිටිමන් එහිම අනන්‍යතාවයක් කරා ගොඩනැගුනි.
ආරක්ෂාව,පරිසර ආරක්ෂණ ක්‍රම සොයාගැනීමේ දිගටම නිරත වූ වෝල්වෝ සමාගම rear facing child seats, collapsible steering columns, side collision protection and the three-way catalytic converter සහ Lambda sensor අදිය සියලුම වොල්වෝ මෝටර් රථ සඳහා1960 අගභාගයේ සහ 1970 මුල් භාගයේ දී හදුන්වා දෙනලදී.
වොල්වෝ 240 ආරක්ෂාව සහ ගුණාත්මක බවේ ඉහළ මට්ටම සමග වොල්වෝ 240 වෙනුවට වෝල්වෝ 140 ට මාරැවෙන ලද අතර 1970 අවසන් වන විට වොල්වෝ සමාගමේ මිලියන හතරක අලෙවිය පසුකිරීම කුඩා වොල්වෝ 340 ආකෘති විසින් එක් කරන ලදී.
1982 දී වොල්වෝ 700 මාලාව සමග පෞද්ගලිකත්වය සහ උසස් තත්වයේ මෝටර් රථ සඳහා වොල්වෝ තවත් පියවරක් ඉදිරියට තබා ඇත.ඊළඟ දශකය තුළ වෝල්වෝ 340 වෙනුවට 400 මාලාවකට මාරැ වූ අතර එහි මාර්ග සහ ආරක්ෂාව මෙන්ම එහි අභ්‍යන්තර ඉඩ කඩ වැඩි කිරීම සඳහා වූ උනන්දු කරවීමේ ත්‍යාග මුදල දිනා ගන්නා ලදී.
සම්පූර්ණයෙන් අලුත් වොල්වෝ 850 මෝටර් රථය 1991 ජුනි මස දී දියත් කරන ලද අතර සිලින්ඩර පහේ එන්ජිම සමග වොල්වෝ Front wheel drive Transverse එනිජිමක් සහිත මෝටර් රථය එළිදැක්වූ අතර එය සැබෑ රිය පැදවීමේ සතුට සමඟ ඒකාබද්ධ ආරක්ෂාව නිසා මෙම ඉහළ මට්ටමේ මෝටර් රථය බොහෝ ස්වාධීන සම්මාන දිනා ගැනීමට සමත් විය.
1993 දී රෙනෝල්ට් මෝටර් රථ සමාගම සමග ඒකාබද්ධව යෝජිත මෝටර් රථ නිෂ්පාදනය කිහිපයක් ආරමිභ කිරීමට තිබියදී අවසාන මොහොතේදී එය අතැහැර දැමූ වොල්වෝ සමාගම තවදුරටත් නිදහස් කාර් නිෂ්පාදකයෙකු ලෙස කටයුතු කිරීමට තීරණය කරන ලදී.මෙය සමාගමේ හැරවුමි ලකෂ්‍යක් වූ අතර වොල්වෝ S40 හා V40 වන සුමුදු හා වඩා වටකුරු මෝස්තර 1993 දී හඳුන්වා දීමත් සමඟ වොල්වෝ සමාගමේ නව නිෂ්පාදන ගතික මූලෝපායක් සඳහා එය මග පෑදීය.
එම වසරෙන් පසු සමාගම විසින් වොල්වෝ C70 කූපේ හඳුන්වා දෙන ලද අතර එය කන්වර්ටබල් ස්පෝර්ට්ස් අලංකාර හා ආකර්ෂණීය ඉංජිනේරු නිර්මාණය සමග ආරක්ෂාව සහ වොල්වෝ සාම්ප්‍රදායික වටිනාකම් සහ සියලු පාරිසරික ආරක්ෂණ ඒකාබද්ධ වූ මෝටර් රථයක් විය.
1998 වොල්වෝ S80 සෙඩාන් සහ 1999 V70 වැගන් සමග මෙම සියලු නව ඉංජිනේරු සහ නිර්මාණ නියෝජනය කළ වොල්වෝ ආරක්ෂිත සහ ගුණාත්මක මෝටර් රථ නිෂ්පාදනයක් ලෙස හඳුනාගෙන ඇති නමුත් එය අද නවීන මෝටර් රථ වෙළෙඳපොළේ පාරිභෝගිකයන් ආශාව සහ මෝස්තරය මත එය රඳා පැවැතිය හැකිය.
1980 දශකයේ වොල්වෝ විසින් එක්සත් ජනපයෙ වඩාත්ම අලෙවි වූ මෝටර් රථය වූයේ වොල්වෝ 340 මෝටර් රථයයි.පසුව 1999 දී ඩොලර් බිලියන 6.45 කට වොල්වෝ මෝටර් රථ සමාගම ෆෝඩ් මෝටර් රථ සමාගමට විකුණා දැමූ අතර ප්‍රයිමර් මෝටර් රථ සමූහයේ අනෙකුත් සුඛෝපභෝගී වෙළෙඳනාම සහිතව ජගුවාර්,ලෑන්ඩ් රෝවර් සහ ඇස්ටන් මාටින් යන සමාගම් සමඟ වොල්වෝ වෙළඳපොළට එක්විය. ෆෝඩ් සමාගම සයෝගිතාව හා සේවා කාලයත් සමඟ වොල්වෝ Volvo S80 සහ Volvo XC60 නිර්මාණය කිරීමති සමග ජාත්‍යන්තර පිළිගැනීමක් ලැබුණි.මෝටර් රථ වෙළඳ නාමය සඳහා ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලසුම් සකස් කිරීමට ෆෝඩ් තීරණය කිරීමෙන් පසු මෙම ජයග්‍රහණ අත්පත් කර ගත්තේය.
2008 දී ගෝලීය ආර්ථික අර්බුදයෙන් පසුව එක්සත් ජනපදය ෆෝඩ් විසින් වොල්වෝ මෝටර් රථ විකිණීම සඳහා ඉදිරිපත් කරන ලද නමුත් ස්විඩන් නිලධාරීහු වොල්වෝ සමාගමෙන් ෆෝඩ් සමාගම බංකොලොත් කර නෙරපා හැරීමට ඇති හැකියාව පිලිබඳව ගැඹුරින් කල්පනා කළහ.ඒ අනුව තෝරා ගත් ගැණුම්කරු වූයේ චීනයේ මෝටර් රථ නිෂ්පාදකයෙකු වන ගීලි ඔටෝමොබයිල් සමාගමට අයත් ෂේජැං ගීලි හෝලිංග් සමූහය වූ අතර මෙම ගනුදෙනුව 2010 දී අවසන් විය.
මෝටර් රථ කර්මාන්තය තුළ දශක ගනනාවක් පුරා සමාගමේ හිමිකාරිත්වය වෙනස් වුවත්,වොල්වෝ කාර් රථය එහි මූලික ක්‍රමාංකය ලෙස එහි ආරක්ෂණ ඉංජිනේරු විද්‍යාව සමඟ දැඩි විශ්වසනීයත්වයකින් සිටින බව ප්‍රසිද්ධ වී ඇත.වොල්වෝ විසින් 1964 දී ප්‍රථම වරට රියර් ෆේසිං චයිල්ඩ් සීට් නිර්මාණය ඉදිරිපත් කරන ලදී.ඉන් අනතුරුව 1978 දී බූස්ටර් සීට් හඳුන්වා දුන්නේය.ආරක්ෂණ පද්ධති සොයාගැනීම් පිලිබඳව දිගටම නිරත වූ වොල්වෝ සමාගම 1991 දී සයඩ් ඉම්පැක්ට් ප්‍රොටෙක්ෂන් සිස්ටම්(SIPS) හඳුන්වාදෙන ලද අතර 1994 දී එයාර් බෑග් හඳුන්වා දන් ප්‍රථම මෝටර් රථ සමාගම විය.1995 වන විට එය සෑම ආකෘතියක් තුළම සම්මත උපාංගයක් බවට පත්විය.
ඒ අනුව වොල්වෝ යනු උපරිම ආරක්ෂාව සහ නිශ්චිත තාක්ෂණික නවෝත්පාදන පණගන්වන ලොව සුපතළ මෝටර් රථ සන්නාමයකි.
චන්ද්‍රසිරි ජයවික්‍රම මහතාට පුර්ණ ගෞරවය
23/12/2017

Comments
Post a Comment