Verification Of Spark Plugs

ස්පාර්ක් ප්ලග් කියන එක ස්පාර්ක් ඉග්නිෂන් මෝටර් රථයක පොදු නඩත්තු අයිතමයක් වගේම අනිකුත් මෝටර් රථ අමතර කොටස් වලට සාපේක්ෂව තරමක් මිළ අඩු සහ මාරැ කිරීමටද අපහසු නැති DIY(Do It Yourself)අයිතමයක් කියලා හඳුන්වන්න පුලුවන්.ඒ නිසා අද කියන්න යන්නේ ස්පාර්ක් පාර්ක් අතර තියෙන වෙනස්කම් ගැනයි.

ස්පාර්ක් ප්ලග් තෝරාගන්නේ කොහොමද?

ස්පාර්ක් ප්ලග් මාරැ කරන විට බොහෝ දෙනක් මුහුණපාන ගැටලුව තමයි තමන්ගේ මෝටර් රථයට ගැලපෙන සුදුසු ස්පාර්ක් ප්ලග් වර්ගය මොකක්ද කියයන එක.හැම මෝටර් රථ එන්ජිමක් සඳහාම හරියටම අවශ්‍ය මොකක්ද කියනදේ හරියටම දන්නේ එහි නිෂ්පාදකයා නිසා ඊට ගැලපෙන සහ සැලසුම් කරන ලද ස්පාර්ක් ප්ලග් එම අවශ්‍යතාවයන් සපුරනවා.ඒ‌ නිසා මේකට දෙන්න පුලුවන් කෙටිම පිළිතුර තමයි ඕනර්ස් මැනුඅල් එකේ කියල තියෙන වර්ගයේ ස්පාර්ක් ප්ලග් වර්ගය පමණක් මාරැ කරන්න කියන එක.

ඒ‌ කොහොම වුණත් "Hot" හෝ "Cold" ස්පාර්ක් ප්ලග් අනුව යම් කාර්‍ය්‍යය සාධනයක් හෝ කාර්‍ය්‍යයක්ෂම වාසියක් තියෙනවා.ඒ‌ වගේම සමහර මොඩිෆයි එන්ජින්වලට සමහර අවස්ථාවල දී විශේෂිත ස්පාර්ක් ප්ලග් වර්ගයක් පමණක්ම තෝරාගන්න සිදුවෙනවා.ඒ‌ නිසා ස්පාර්ක් ප්ලග් වර්ගයක් තෝරා ගැනීමේ දී තවදුරටත් විකල්පයන් අවශ්‍ය නම් ඒ‌ සඳහා ඔබ දැනගත යුතු දේවල් මොනවද කියලා බලමු.

මොනවද මේ ස්පාර්ක් ප්ලග්ස් අතර තියෙන වෙනස්කම්?

වැදගත්ම කරුණු දෙකින් පටන් ගනිමු.

• ස්පාර්ක් ප්ලග් එකේ මධ්‍ය ඉලෙක්ට්‍රෝඩයේ තියෙන තියුණු ලක්ෂ්‍යයේ ඉඳලා අනෙක් පැත්තේ තියෙන ග්‍රවුන් ඉලේක්ඩ්‍රෝඩයේ තියුණුම ස්ථානය වෙත ස්පාර්ක් එක පැනීමක් සිදුවෙනවා.ඒ නිසා මෝටර් රථය සැතපුම් දහස් ගණනක් ධාවනය සඳහා ස්පාර්ක් ප්ලග් වල එම තියුණු ලක්ෂ්‍යයන් අධික උෂ්ණත්වයට උණු නොවී තිබිය යුතුවෙනවා.ඒ‌ අනුව සාම්ප්‍රදායික කොපර්/නිකල් අලෝයි ස්පාර්ක් ප්ලග් වලට වඩා ප්ලැටිනම් සහ ඉරිඩියම් වැනි වටිනා ලෝහ වලින් නිෂ්පාදනය කරලා තියෙන ස්පාර්ක් ප්ලග් අධික උෂ්ණත්වයට වඩාත් හොඳින් ඔරොත්තු දෙන නිසා උණුවී/ගෙවී යාමට තියෙන හැකියාව ඉතාමත් අඩුයි.

• දෙවන කාරණය තමයි මධ්‍ය ඉලෙක්ට්‍රෝඩයේ කුඩා විෂ්කම්භය අඩු වීම නිසා මූලික ස්පාර්ක් එක ආරම්භ කරන්න අවශ්‍ය වෝල්ටීයතාවය අඩුයි කියන කාරණය.

ප්‍රධනතම ස්පාර්ක් ප්ලග් නිෂ්පාදකයන් විසින් විවිධ වර්ගයේ ස්පාර්ක් ප්ලග් වර්ග 4 ක් නිෂ්පාදනය කරනවා.ඒ‌ නිසා ස්පාර්ක් ප්ලග් මිලදී ගැනීමේ දී හොඳම ස්පාර්ක් ප්ලග් වර්ග මොනවද කියලා දැනගන්නේ කොහොමද?

ප්ලැටිනම් ස්පාර්ක් ප්ලග්, කොපර්/නිකල් ඇ‌ලෝයී ස්පාර්ක් ප්ලග් සහ ඉරිඩියම් ස්පාර්ක් ප්ලග් සහ අනෙකුත් ස්පාර්ක් ප්ලග් වර්ග අතර වෙනස හඳුනාගැනීමට සහ මෝටර් රථය සඳහා හොඳම ස්පාර්ක් ප්ලග් වර්ගය ලබාගැනීම සඳහා මෙම උපදෙස් ප්‍රයොජනවත් වේවි.

• කොපර් ස්පාර්ක් ප්ලග්

කොපර් ස්පාර්ක් ප්ලග්
මිලි මීටර් 2.5 ක ශක්තිමත් ඝන කොපර් මධ්‍ය ඉලෙක්ට්‍රෝඩයකින් සහ නිකල් මිශ්‍ර ලෝහයකින් සමන්විත ග්‍රවුන් ඉලෙක්ට්‍රෝඩයකින් සමන්විත වෙනවා.සියලුම වර්ග ස්පාර්ක් ප්ලග් වර්ගවලින් විශාලතම විෂ්කම්භය සහිත මධ්‍ය ඉලෙක්ට්‍රෝඩයක් තියෙන්නේ මේ කියන කොපර් ස්පාර්ක් පල්ග් වල.ස්පාර්ක් ප්ලග් වල මූලික ස්පාර්ක් එක ඇ‌ති කිරීමට,කුඩා විෂ්කම්භයක් සඳහා අඩු වෝල්ටීයතාවය ප්‍රමාණවත් නිසා ඒ‌ සඳහා කොපර්/නිකල් මිශ්‍ර ලෝහ වලට වඩා මෘදු ප්ලැටිනම් හෝ ඉරිඩියම් මගින් තියුණු ස්පාර්ක් එකක් ඉක්මනින් ඇ‌ති කිරීමේ හැකියාව තියෙනවා.ඒ‌ නිසා කොපර් ස්පාරක් ප්ලග් වල ඒ‌ අඩුපාඩු තිබුණත් කොපර් ප්ලග් සමහර යෙදුම් සඳහා හොඳ තේරීමක් කියලා කියන්න පුලුවන්.විශේෂයෙන් 1980 දශකයට කලින් පැවති අඩු වෝල්ටීයතා ඩිස්ටිබියුටර් ඉග්නිෂන් පද්ධති සහිත පැරණි මෝටර් රථ සඳහා මෙම කොපර් ස්පාර්ක් ප්ලග් හොඳම වර්ගය කියලා කියන්න පුලුවන්.

ඒ‌ වගේම අධි වෝල්ටීයතා ඩිස්ටිබියුටර් රහිත ඉග්නිෂන් පද්ධති(DIS) හෝ කෝයිල් ඔන්-ප්ලග් (COP) ඉග්නෂන් පද්ධති සඳහා කොපර් ස්පාර්ක් ප්ලග් භාවිතා නොකල යුතුයි.ඒ‌කට හේතුව තමයි ඒ‌වා අධි වෝල්ටීයතාවය නිසා ඉක්මනින් ඉක්මනින් ගෙවීයාම.

ඒ‌ වුණත් සමහර අධි ක්‍රියාකාරී මෝටර් රථ එන්ජින් විශේෂයෙන් කොපර් ස්පාර්ක් ප්ලග් සඳහා නිර්මාණය කරලා තියෙනවා.එම අවස්ථා වලදී කොපර් ස්පාර්ක් ප්ලග් අධි ක්‍රියාකාරී ස්පාර්ක් ප්ලග් ලෙස සලකන නිසා ඒ‌වගේ මෝටර් රථ වල ඕනර්ස් මැනුඅල් එකේ කොපර් ස්පාර්ක් ප්ලග් ලෙස සදහන් කරලා තියෙනවා නම් ඒ වෙනුවට ප්ලැටිනම් ස්පාර්ක් ප්ලග් හෝ ඉරිඩියම් ස්පාර්ක් ප්ලග් මාරැ නොකල යුතුයි.

• සිංගල් ප්ලැටිනම් ස්පාර්ක් ප්ලග්

සාමාන්‍යයෙන් ප්ලැටිනම් ස්පාර්ක් ප්ලග් කොපර් ස්පාර්ක ප්ලග් වලට පසු වර්ගය ලෙස හඳුන්වන්න පුලුවන්.
මේ වර්ගයේ ස්පාර්ක් ප්ලග් වල ප්ලැටිනම් ඩිස්ක් එකක් මධ්‍ය ඉලෙක්ට්‍රෝඩයට පාස්සාලා තියෙනවා.
ප්ලැටිනම්,නිකල් මිශ්‍ර ලෝහයට වඩා දැඩි බවකින් යුක්ත නිසා එය කි.මී 100,000 පමණ භාවිතා කරන්න පුලුවන්.නවීන ඩිස්ට්‍රිබියුටර් බේස් ඉග්නිෂන් සිස්ටම් සඳහා ප්ලැටිනම් ස්පාර්ක් ප්ලග් වඩාත් හොඳ වන අතර ඕනර්ස් මැනුඅල් එකේ ප්ලැට්නම් ස්පාර්ක් ප්ලග් ලෙස සඳහන් කරලා තියෙනවා නම් ඒ‌ සඳහා කොපර් ස්පාර්ක් ප්ලග් භාවිතා නොකල යුතුයි.ඒ‌ කොහොම වුණත් ඒ‌ සඳහා ඩබල් ටිප් වර්ගයේ ප්ලැට්නම් සපාර්ක් ප්ලග් හෝ ඉරිඩියම් ස්පාර්ක් ප්ලග් භාවිතා කරන්න පුලුවන්.සිංගල් ටිප් ප්ලැට්නම් ප්ලග් තරමක් "Hotter" වර්ගයේ ස්පාර්ක් ප්ලග් ලෙස සලකන නිසා ඒ‌ මගින් ස්පාර්ක් ප්ලග් දූෂණය වීම සහ තැන්පතු ඇ‌තිවීම වලක්වනවා.

• ඩබල් ප්ලැටිනම් ස්පාර්ක් ප්ලග්

ඩබල් ප්ලැටිනම් ස්පාර්ක් ප්ලග් "waste spark" සඳහා නිර්මාණය කරලා තියෙනවා.
වේස්ට් ස්පාර්ක් පද්ධතියේ දී වෙන්නේ එක් සිලින්ඩරයක කොම්ප්‍රෙෂන් ස්ට්‍රෝක් එකේ දී මධ්‍ය ඉලෙක්ඩ්‍රෝඩය හරහා ග්‍රවුන්ඩ් ඉලෙක්ට්‍රෝඩය වෙත ස්පාර්ක් එක පැනීම සිදුවෙලා ඊළඟට ස්පාර්ක් එක ලැබිය යුතු සිලන්ඩරයේ එක්සෝස්ට් ස්ට්‍රෝක් එකේ දී පාර්ට්නර් සිලින්ඩරයේ ඉග්නිෂන් කොයිලය වෙත ඉලෙක්ට්‍රිකල් පල්ස් නැවත ලබාදීම සඳහා(ග්‍රවුන්ඩ් ඉලෙක්ට්‍රෝඩයේ ඉඳලා මධ්‍ය ඉලෙක්ට්‍රෝඩය වෙත)ස්පාර්ක් එක අපස්සට පැනීමක් සිදුවීමයි.මෙම පද්ධති සිංගල් ප්ලැටිනම් ස්පාර්ක් ප්ලග් වලට හෝ සාම්ප්‍රදායික කොපර් ස්පාර්ක් ප්ලග් වලට රිවර්ස් ස්පාර්ක් හැසිරවීමට නිර්මාණය කරලා නැති නිසා ඒ‌වා භාවිතා කරන්න බැහැ.නමුත් ඒ‌ සඳහා ඩබල් ටිප් ප්ලැටිනම් ස්පාර්ක් ප්ලග් භාවිතා කරන්න පුලුවන්.ඒ‌ වායේ දෙපසටම ප්ලැටිනම් ටිප් පාස්සා ඇ‌ති නිසා ඒ‌වා ඉතා හොඳින් ක්‍රියාකරයි. මධ්‍ය හා ග්‍රවුන්ඩ් ඉලෙක්ට්‍රෝඩය යන දෙකේම ඇ‌ති ප්ලැටිනම් ටිප් තියුණු නිසා ක්ෂණිකව ඉතා පහසුවෙන් ඉලෙක්ට්‍රෝඩ දෙක අතර ස්පාර්ක් එක ට පහසුවෙන් ගමන් කිරීමේ හැකියාව තියෙනවා.

ඕනර්ස් මැනුඅල් එකේ කියලා තියෙන්නේ ඩබල් ප්ලැටිනම් ස්පාර්ක් ප්ලග් භාවිතා කරන්න කියලා නම්,ඒවා භාවිතා කිරීමට හොඳමට ඇ‌ති හොඳම ස්පාර්ක් ප්ලග් වර්ගය වන අතර ඒ‌ වෙනුවට ප්ලැටිනම් හෝ කොපර්/නිකල් ඇ‌ලෝයී ස්පාර්ක් ප්ලග් භාවිතා නොකල යුතුයි.ඒ‌ කොහොම වුණත් ඒ‌ සඳහා ඉරිඩියම්/ප්ලැටිනම් සංයුක්ත ප්ලග්(ප්ලැට්නම් ග්‍රවුන්ඩ් ඉලෙක්ට්‍රෝඩයක් සහ ඉරිඩියම් මධ්‍ය ඉලෙක්ට්‍රෝඩයක් සහිත වර්ගයේ ප්ලග්)භාවිතා කරන්න පුලුවන්.

• ඉරිඩියම් ස්පාර්ක් ප්ලග්

හැම අතින්ම හොඳම වර්ගයේ ස්පාර්ක් ප්ල්ග් ලෙස සැලකෙන්නේ ඉරිඩියම් ස්පාර්ක් ප්ලග්. ඉරිඩියම් ප්ලැටිනම්වලට දැඩි බවකින් යුක්ත නිසා බොහෝ අවස්ථාවල දී ඉරිඩියම් ස්පාර්ක් ප්ලග් ප්ලැටිනම් ස්පාර්ක් ප්ලග් වඩා 25% ක පමණ දිර්ඝ කාලයක් පැවතීමේ හැකියාව තියෙනවා.ඉරිඩියම් ලෝහය මිළ අධික නිසා ඉරිඩියම් නිෂ්පාදකයෝ ඉරිඩියම් ස්පාර්ක් ප්ලග් වල මධ්‍ය ඉලෙක්ට්‍රෝඩයේ විෂ්කම්භය මි.මී 0.4 දක්වා අඩු කරලා තියෙනවා.ඒ‌ මගින් මුදල් ඉතිරි කිරීමට අමතරව ඉරිඩියම් ස්පාර්ක් ප්ලග් වල ඇ‌ති ඉතා තියුණු මධ්‍ය ඉලෙක්ට්‍රෝඩය නිසා ඉග්නිෂන් කාර්‍ය්‍යයක්ෂමතාව ද වැඩි වෙනවා.

බොහෝ මෝටර් රථ නිෂ්පාදකයන්ට අනුව කොයිල් ඔන්-ප්ලග් (COP)ඉග්නිෂන් පද්ධති සඳහා ඉරිඩියම් හෝ ඉරිඩියම්/ප්ලැට්නම් සංයුක්ත ස්පාර්ක් ප්ලග් අවශ්‍යබව පවසනවා.මෝටර් රථයේ ඕනර්ස් මැනුඅල් එකේ ඉරිඩියම් සිපාර්ක් ප්ලග් පමණක් භාවිතා කරන්න කියලා තියෙනවා නම් ඒ‌ සඳහා ප්ලැටිනම් ස්පාර්ක් ප්ලග්,ඩබල් ප්ලැටිනම් ස්පාර්ක් ප්ලග් හෝ කොපර්/නිකල් ඇ‌ලෝයී ස්පාර්ක් ප්ලග් මාරැ නොකල යුතුයි.ඒ‌කට හේතුව තමයි ඒ‌වා ඉරිඩියම් ස්පාර්ක් ප්ලග් ආ‌කාරයට ක්‍රියාත්මක නොවීම.

(චන්ද්‍රසිරි ජයවික්‍රම විසිනි)

25/09/2017

Comments

Popular posts from this blog

Dhammika Perera picks up last of world’s 50 Bentley Mulsanne Hallmarks

විජිත යාපා - සභාපති - විජිත යාපා ප්‍රකාශන

කොපර් (තඹ) රේඩියේටරයට අළුත් නිමාවක්