Proterra Electric Bus

ප්‍රෝටෙරා නමින් හැඳින්වෙන විදුළි බස් රථය [Proterra electric bus] අළුත් වාර්තාවක් පිහිටුවා ඇත. එක් ආරෝපනයක් මගින් එය සැතැපම 1100 ක් ධාවනය කර ඇත්තේ එහි ඇති දැවැන්ත කිලෝ වොට් පැය 660 ක ධාරිතාවය ඇති බැටරියෙනි. මේ කාර්යය කර ඇත්තේ ටෙස්ලා ආයතනයෙන් ඉවත් වූ සේවකයන් පිරිසක් මගිනි.




මේ දුර යාමේ වාර්තාවට කිට්ටු කරන්නට වෙන කිසිම බසයකට හෝ බර වාහනයකට හැකිවී නැත. [ළිපිය ලියන්නේ ඔක්තෝබර් 2017]
මේ බස් රථයේ ඇති එම බැටරිය ටෙස්ලා වාහනයක ඇති බැටරියේ ධාරිතාව මෙන් නව ගුණයක් වැඩිය. එය ආරෝපණය වන්නට ගත වන කාලය පැයක් පමණි. මේ බැටරියෙන් Catalyst E2 max යන මෝටර් යාන්ත්‍රණය ක්‍රියාත්මක වේ.

මෙම යාන්තරණයෙන් වාහනයක් පණ ගැන්වෙන විට, ක්‍රියාත්මක වියදම [Operational cost] ෆොසිල ඉන්ධන වාහනයකට වඩා අඩු වේ. එමෙන්ම මේ වාහනයේ භාවිතා කරන දැවැන්ත බැටරිය සාපේක්‍ෂව කෙටි කාලයකින්, එනම් පැයකින් ආරෝපණය කල හැක.

ස්වශනය කරන වාතයේ අපිරිසිදු වීම මේ ආකාරයේ වාහන හේතුවෙන් අවම වේ යන්න බලාපොරොත්තු වේ. ස්වභාවයෙන් මිනිසා සහ සත්වයන්ට ලැබී ඇති පෙණහළු වල කුඩා දූවිළි අංශු සහ පරාග වැනි ස්වභාවික අංශු පමණක් පෙරීම කල හැක. එහෙත් වාහනයකින් නිකුත් වන ක්ෂුද්‍ර අංශු පෙණහළු වලින් අපගේ රුධිර ධාරාවට එක් වේ. මේ ක්ෂුද්‍ර අංශු වලට, වාහන වල තිරිංග පළු [Break lining, pads] ඇතිල්ලෙන විට ඇතිවන අංශු සහ යන්ත්‍ර ගෙවෙන විට ඇතිවන ලෝහමය අංශු උදාහරණයන් වේ. මෙය දැවැන්ත සෞඛ්‍ය ප්‍රශ්ණයක් බවට පත්වෙමින් තිබේ.

එහෙත් මේ ආකාරයේ විදුළි වාහන වලින් එවන් අංශු ඇතිවන්නේම නැත කියා කිව හැක. හේතුව වන්නේ තිරිංග අවශ්‍ය වන ආකාරයට බසයේ ඇති චාලක ශක්තිය තිරිංග පළු වලින් අඩු කිරීමක් නොවන හෙයිණි. එම අවස්ථාවේ චාලක ශක්තිය අඩු කරන්නේ, වාහනයේ මෝටරය, ඩයිනමෝ එකක් සේ ක්‍රියාකර එම චලනයට බාධා කිරීමය. මෙහි තවත් අතුරු පලයක් සේ එම මෝටර්-> ඩයිනමෝ ක්‍රමයෙන් බැටරිය ආරෝපණය වේ.

මේ ක්‍රමය අළුත් දෙයක් නොවේ. [Regenerative breaking] මේ ක්‍රමය විශාළ විදුළි සෝපාන වලට භාවිතා වේ. එනම් බරැති සෝපානය ඉහළක සිටක පහළට එන විට මුක්ත කරන විභව ශක්තිය [චාලක ශක්තිය හරහා] , විදුළි ශක්තියක් බවට හරවා පාරේ විදුළියට [City power] එකතු කෙරේ.


මේ හා සමගාමීව ඇමරිකාවේ ටෙස්ලා සමාගමන් 2017 ඔක්තෝබර් මස අවසානයේ Electrek යයි නම් කල බර වාහනයක් එළි දැක්වේ. එසේම සුප්‍රසිද්ධ ඩීසල් සහ පෙට්‍රල් එන්ජින් නිෂ්පාදකයන් වන ‘Cummins’ මගින් ඔවුන්ගේ පළවන විදුළි ට්‍රක් රථය එළි දැක්වේ.

Comments

Popular posts from this blog

Dhammika Perera picks up last of world’s 50 Bentley Mulsanne Hallmarks

විජිත යාපා - සභාපති - විජිත යාපා ප්‍රකාශන

කොපර් (තඹ) රේඩියේටරයට අළුත් නිමාවක්