Mazda/Ford මෝටර් රථ වල "Hold" Mode ක්‍රියාකාරිත්වය
ලංකාවේ භාවිත වන, Automatic transmission සහිත සමහර Mazda/Ford/Nissan වාහන වල(Ex: Demio/Familia/323/626/Laser/Bongo..etc.) dashboard එකේ "HOLD"ලෙස දැක්වෙන තැඹිලි පාට indicator එකක් තියෙනවා. ඒ වගේම gear lever එකේ ඊට සම්බන්ධ කුඩා button එකකුත් තියෙනවා.(මේ කියන්නේ නවීන Mazda රථ වල එන "Auto Hold" feature එක නොවෙයි) මේ ගැන කිහිප දෙනෙක්ම මගෙන් විමසා තිබුණු අතර මේ ඒ ගැන කෙටි පැහැදිලි කිරීමක්.
ගොඩක් අය දන්නවා සාමාන්‍ය Automatic transmission පද්ධති සහිත වාහන වල(CVT/DCTආදී නොවන ) තියෙන O/D on-off එක සහ එහි ක්‍රියාකාරිත්වය. එහිදී ට්‍රාන්ස්මිෂන් පද්ධතිය ඉදිරි ගියර් 4ක් සහිත එකක් නම්, 4 වන ගියරය හැම විටම වගේ Over drive ගියරයක් වන අතර "O/D-OFF"කිරීම මගින් 4වන (over drive) ගියරයට නොවැටී ඉතිරි ගියර් 3 අතර පමණක් මාරු වීම සිදු වනවා.
නමුත් ඉහත සඳහන් කළ ආකාරයේ Mazda/Ford/Nissan රථ වල Hold mode එකේ ක්‍රියාකාරිත්වය මීට වඩා තරමක් වෙනස් වනවා.(සාමාන්‍යයෙන් Mazda සමාගමේ බොහෝ නිර්මාණ වලදී වගේම මේකත් තරමක් "Fancy" design එකක්)
සාමාන්‍ය O/D on-off ක්‍රියාකාරිත්වයකට වඩා මෙහි ඇති ප්‍රධාන වෙනස්කමක් වන්නේ Gear position එක අනුව එකිනෙකට වෙනස් ක්‍රියාකාරිත්වයන් කිහිපයක් ලබාගත හැකි වීමයි.
මෙහිදී ඉහත දැක්වූ ආකාරයේ රථ වල සාමාන්‍යයෙන් භාවිත කර ඇති Gear positions ගැන මුලින්ම අවබෝධයක් ලබාගනිමු.
P - Parking
R - Reverse
N - Neutral
D - Drive (සාමාන්‍ය ආකාරයට රථයේ වේගය අනුව 1 සහ 4 අතර ගියර් මාරු වනවා)
S - Slope (මෙය 2nd ලෙස සමහරු වැරදියට තේරුම් ගත්තත් මෙය 2nd ගියරය නොවේ. මෙම position එකේදී 1 සිට 3 දක්වා, රථයේ වේගය අනුව ගියර් මාරු වීම සිදු වනවා. Engine brake අවශ්‍ය වන කඳු පල්ලම් වල ධාවනයටයි මෙය භාවිත කළ යුත්තේ.
L - Low (ප්‍රබල ලෙස Engine braking අවශ්‍ය වන අවස්ථා වලදී භාවිතයට යොදා ඇති මෙහිදී රථයේ වේගය අනුව 1 හා 2 ගියර් අතර මාරු වීම සිදු වනවා)
දැන් අපි බලමු "HOLD" mode එක මේ එක් එක් position එකත් එක්ක ක්‍රියා කරන ආකාරය [Hold mode එක On වන්නේ gear lever එකේ Hold button එක press කර, dashboard HOLD indicator එක දැල්වී ඇති විටයි]
D + HOLD :- 3 වන ගියරයේ සිර කර(Hold/Fixed) තබාගැනෙනවා. අඩු වේග වලදී හෝ රථය නැවතුමක සිට ගමන් ආරම්භයේදී 2 වන ගියරයට වැටී නැවතත් ඉක්මණින් 3 වන ගියරට වැටී එහි hold වී පවතිනවා. ඒ අනුව මෙහිදී 2 හා 3 ගියර් අතර පමණක් මාරු වීම සිදුවනවා. (සාමාන්‍ය O/D on-off එකකදී නම් O/D OFF කළ විට 4 වන ගියරයට නොවැටී තිබීම පමණයි වන්නේ. එහෙත් මෙහිදී 4 වන ගියරයට මෙන්ම 1 වන ගියරයට වැටීමද නවත්වනවා )
S + HOLD :- 2 වන ගියරයේ fix කර තබා ගැනෙනවා
L + HOLD :- 1 වන ගියරයේ fix කර තබා ගැනෙනවා
මේ ක්‍රියාකාරිත්වයන් භාවිත කළ හැකි අවස්ථාවන් කිහිපයක් නිෂ්පාදකයන් විසින් දක්වා තිබෙනවා.
D + HOLD
ලිස්සන සුලු මාර්ගයක ගමන් කිරීමේදී/ගමන් ආරම්භයේදී
වංගු සහිත කඳු බෑවුමක ඉහලට ගමන් කිරීමේදී
මහා මාර්ගයක engine braking සහිතව සෙමෙන් ගමන් කිරීමේදී
S + HOLD
වංගු සහිත කඳු බෑවුමක ඉහලට ගමන් කිරීමේදී
engine braking සහිතව කඳු බෑවුමක පහලට ගමන් කිරීමේදී
L + HOLD
ඉතා තද කඳු බෑවුමක ප්‍රබල ලෙස engine braking අවශ්‍ය වන පහලට ගමන් කිරීමකදී
Hold mode එක භාවිත කරන අවස්ථා වල engine overspeed වීම වලක්වාගැනීමට නම් පහත වේග සීමාවන් ඉක්මවා නොයා යුතු බවටයි නිෂ්පාදකයන් නිර්දේශ කරන්නේ.
S + Hold - Max 95 kmph
L + Hold - Max 40 kmph
එසේම යම් අවස්ථාවක රථයේ වේගය අදාල වේග සීමාව ඉක්මවා පවතී නම්, gear lever එක S/Lවෙත ගෙන ආවත් downshift වීමක් සිදු නොවන ලෙසටයි මෙය නිර්මාණය කර ඇත්තේ.
HOLD mode එකේ ක්‍රියාකාරිත්වය දෙස බැලූ විට එය Manual/Tiptronic (Manumatic) ගියර් පද්ධතියක ක්‍රියාකාරිත්වයට සුලු වශයෙන් හෝ ආසන්න කරවීමට නිෂ්පාදකයන් උත්සාහ දරා ඇති බව පෙනී යනු ඇති.
අපේ රටේ මේ HOLD mode එක සහිත රථ පදවන අයට මේ කෙටි පැහැදිලි කිරීමෙන්, HOLD mode එක භාවිත කළ හැකි ආකාරය ගැන යම් අවබෝධයක් ලැබුණා යයි සිතනවා.
විශේෂයෙන්ම අධික රථ වාහන තදබද අවස්ථාවකදී D + HOLD අවස්ථාව නිවැරදිව භාවිත කිරීමෙන් වැඩි ඉන්ධන කාර්‍යක්ෂමතාවයක් ලබාගත හැකියි. එහිදී Manual රථයක් මෙන් 2වන ගියරයේ සිට pick-up කිරීමටත් (මෙවිට 2වන ගියරයෙන් ලබා දිය හැකි ව්‍යාවර්තය 1 වන ගියරයට වඩා අඩු නිසා වාහනයේ pick-up එක අඩු වේ. නමුත් සෙමින් ඉදිරියට ඇදෙන ගමනකදී එය එතරම් ගැටලුවක් නොවනු ඇත ) අවශ්‍ය නම් HOLD mode එක off කර ක්ෂණිකවම 1 වන ගියරයෙන් ගමන් ආරම්භ කිරීමටත් හැකියි. මේ ක්‍රියාකාරිත්වය O/D on-off සහිත සාමාන්‍ය Automatic transmission රථයකින් ලබාගත නොහැකි වන අතර HOLD mode එක සහිත රථයක එය නිවැරදිව භාවිතයෙන් පමණක් එය ලබාගත හැකියි.
© Anjana Ishan

Comments
Post a Comment