Ford - ෆෝඩ් මෝටර් රථ ඉතිහාසය

🔥 මෝටර් රථ දැනුම🔥



ලෝකයේ වඩාත්ම ජනප්‍රිය මෝටර් රථ නිෂ්පාදකයන්ගෙන් එකක් වන ෆෝඩ් සමාගම 1903 දී ආරම්භකර ස්ථාපිත කරන ලදී.මෙම සමාගම හෙන්රි ෆෝඩ්(Henry Ford)ගේ උත්සාහයේ ප්‍රතිඵලයක් මත ආ‌රම්භ වූ නමුත් පසුව සමාගමේ හවුල්කාර සමාගමක් වූ ඩිට්රොයිට් ඔටෝමොබයිල්
(Detroit Automobile) සහ හෙන්රි ෆෝඩ් සමාගම අතර ඇති වූ බලාපොරොත්තු සුන්වීම නිසා හෙන්රි ෆෝඩ් සමාගම එයින් ඉවත්වනේය.1902 දී හෙන්රි ෆෝඩ් හට මුල්‍ය සහාය සඳහා ඇලෙක්සැන්ඩර් වයි මැල්කොම්සෝ(Alexander Y. Malcomso)අඳුනාගන්න ලැබීමත් සමග නව සමාගමක් ලෙස ෆෝඩ් සමාගම ආරම්භ වූ අතර එය ෆෝඩ් මෝටර් රථ සමාගමේ ආ‌රම්භයයි.
මැල්කොම්සෝ මුදල් යෙදවීමට සමත් වූ නිසා ඉක්මනින් ඔවුන් දෙදෙනා ඩොජ් සහෝදර යන්ගෙන්(Doge Brothers-Funders of doge)ප්‍රාරම්භක උදව් ගනිමින් තමන්ගේම මෝටර් රථයක් නිර්මාණය කිරීමට සඳහා වැඩ ආරම්භකල අතර ඩොජ් සහෝදරයෝ මෝටර් රථ අමතර කොටස් ලබා දුන්නේය.කෙසේ වෙතත් වැඩි කල් යන්න කලින් මැල්කොම්සෝ හා ෆෝඩ් හට ඔවුන් ව්‍යාපෘති තුළට ඕනෑවට වඩා මුදල් යෙදවා ඇති බව අවබෝධ වූ අතර ඩොජ් සහෝදරයෝ තම ගෙවීම් ඉල්ලා සටියහ.එහි ප්‍රතිඵලයක් ලෙස ෆෝඩ් සහ මැල්කොම්සෝ තම මෝටර් රථ ව්‍යාපාරය සඳහා නව ආයෝජකයන් ගෙන එක් කර ගැනීමට තීරණය කල අතර ඒ‌ අනුව 1903 ජූනි 16 වන දින වන විට ෆෝඩ් සමාගම විසින් සමාගමේ කොටස් 1000 ක් අයත් සමාගම් 12 කට වැඩි ආයෝජකයින් පිරිසක් සමග සමාගම නැවත ස්ථාපිත කරන ලදී.ඒ කෙසේවෙතත් ෆෝඩ් සහ මැල්කොම්සෝ ඔවුන්ගේ කොටස් වලින් 51% ක් රඳවාගනිමින් ප්‍රධාන ආයෝජකයින් බවට පත් විය.ඉන් අවුරුද්දක් ඇතුළත ෆෝඩ් මෝටර් රථ සමාගම එක්සැණෙකින් ලාභදායී මෝටර් රථ ව්‍යාපාරයක් බවට පත් වූ අතර 1905 වන විට සමස්ත ලාභය ඇ‌.ඩො 300,000 දක්වා ළඟා වී ඇ‌ත.
1911 දී ෆෝඩ් මෝටර් රථ සමාගම විසින් Model T a මෝටර් රථ 70,000 ක් පමණ නිෂ්පාදනය කල හැකි හයිලන්ඩ් පාර්ක් බලාගාරය වෙත රැගෙන යන ලදී.1912 වන විට නිෂ්පාදනය ඒ‌කක 170,000 කට අධික වූ අතර 1913 දී නිෂ්පාදන ඉල්ලීම් සියල්ල කාලීනව ඉහළ මට්ටමක පැවති නමුත් චැසිය පමණක් නිපදවීමට පුරා පැය 12 කට අධික කාලයක් ගතවීම නිසා හෙන්රි ෆෝඩ් විසින් මෝටර් රථ නිෂ්පාදනය එසම්බ්ලි ලයින්(Assembly line)ක්‍රමයට මාරුවෙන ලදී.
මෙම කඩිනම් වේගය නිසා අවසානයේ දී ෆෝඩ් සමාගම ඊටත් වැඩි ලාභ ගැනීමට ඉඩ සලසමින් Model Ts හි මිළ අඩු විය.ඉන් වසරකට පසු සමාගමේ සාර්ථකත්වය හේතුවෙන් හෙන්රි ෆෝඩ් විසින් කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට තීරණය කළ අතර එය දිනකට ඩොලර් 5 ක් ලෙස ස්ථාපිත කරන ලදී.1917 වන විට මෙම සමාගම රිවර් රැජ් කම්ප්ලෙක්ස්
(River Rouge Complex)බලාගාරය ඉදිකිරීම ආරම්භ වූ අතර එහි ප්‍රථම වරට ට්‍රක් රථ හඳුන්වාදෙන ලදී .
1920 දී ෆෝඩ් සමාගම ඇ‌න්ටි-සබ්මැරීන් බෝට්ටු සහ ත්‍රිත්ව මෝටර් ගුවන් යානා නිෂ්පාදනය කරන කර්මාන්තශාලා ආරම්භ කල අතර 1920 හා 1930 පුරා දශක දෙකක් මෝටර් රථ වෙළෙඳපොළේ ආධිපත්‍ය පතුරැවාගෙන තිබූ Model A මෝටර් රථය 1927 දී හඳුන්වා දෙන ලදී.
1932 වන විට ෆෝඩ් සමාගම විසින් Lincoln Zephyr Line සහ අඩු මිළති Mercury Brand සඳහා Flathead V8 එන්ජිමක් නිර්මාණය කළේය.


1941 දී ෆෝඩ් දෙවන ලෝක යුද්ධය සඳහා එක්සත් ජනපද මිලිටරිය සඳහා මගී ප්‍රවාහන ජීප් රථ නිෂ්පාදනය කිරීමට වැඩි කැමැත්තක් දැක්වූ අතර සිය මෝටර් රථ වලට නිෂ්පාදනයට වඩා හොඳ වැටුප්,සේවා කොන්දේසි සහ සේවක ප්‍රතිලාභ සහතික වූ එහි පළමු UAW-CIO කොන්ත්‍රාත්තුව අත්සන් කරන ලදී.වර්ෂ 1943 දී හෙන්රි ෆෝඩ් සහ ක්ලාරා ෆෝඩ්ගේ එකම දරුවා වූ එඩ්සෙල් ෆෝඩ්(Edsel Ford)මියගිය අතර ඔහුගේ මරණයෙන් පසු හෙන්රි ෆෝඩ් නැවතත් සමාගමේ සභාපති තනතුරට පත්විය.
කෙසේ වෙතත් හෙන්රි ෆෝඩ්ගේ කළමනාකරණය නොහැකියාව නිසා එඩ්සෙල් ෆෝඩ්ගේ වැඩිමල් පුත් හෙන්රි ෆෝඩ් II විසින් වසර දෙකක් ඇතුළත දී එනම් 1945 දී සමාගම නැවත් පවරා ගන්නා ලද අතර සමාගම විසින් නව F Series ට්‍රක් රථ දෙකක් සහ 1949 දී නව ෆෝඩ් රථ මාලාවක් හඳුන්වා දෙන ලදී.1950 වන විට දී ෆෝඩ් ඉතිහාසය තුළ එම සමාගම ඊටත් වඩා පුදුම මෝටර් රථ හඳුන්වා දෙන අතර පාරිභෝගික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අනතුරැ පරීක්ෂණ(Crash testing)ද ආරම්භ කළේය.1956 දී ෆෝඩ් ප්‍රසිද්ධ සමාගමක් බවට පත් වී තිබූ අතර 1960 දී සියලුම කාලයන් සඳහා වඩාත් ප්‍රසිද්ධ එක් මෝටර් රථයක් වූ ෆෝඩ් මස්ටෑන්ග් හඳුන්වා දෙන ලදී.1966 වන විට ෆෝඩ් GT40MK හඳුන්වා දෙන ලද අතර ලී මෑන්ස් (Le Mans)මෝටර් රථ තරඟාවලියේ දී ෆෙරාරි අවුරුදු හයක් කළ ජයග්‍රාහණය අභිබවා යන ලදී.


1970 දශකයේ දී ෆෝඩ් මෝටර් සමාගම ප්‍රසිද්ධ ඉදිරිපස ස්වයංක්‍රීය රීට්‍රැචිං ත්‍රීවේ සීට් බෙල්ට් හඳුන්වා දෙන ලදී.1980 දී සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී වූ හෙන්රි ෆෝඩ් II සමාගමේ සභාපති වීමට ප්‍රථම ෆෝඩ් පවුලේ සාමාජිකයෙකු නොවූ පිලිප් කැල්ඩ්වෙල්(Phillip Caldwell)
සමාගමේ ප්‍රධාන විධායක ධූරයට පත් විය.1990 දශකයේ දී ෆෝඩ් සමහරවිට මෙතෙක් හඳුන්වාඳුන් පළමු SUV රථය වූ ප්‍රසිද්ධ ෆෝඩ් එක්ස්ප්ලෝර් හඳුන්වා දෙන ලදී.
1993 වන විට ෆෝඩ් පසුබිම් ප්‍රකාරව 1996 දී සුප්‍රසිද්ධ ෆෝඩ් රේන්ජර් මෝටර් රථය එළිදක්වන ලදී.ඉන් වසර කිහිපයකට පසු ජාකුස් නසාර් (Jacques Nasser)ප්‍රධාන විධායක නිලධාරි තනතුරෙන් ඉවත් කරන ලද අතර බිල් ෆෝඩ්(Bill Ford)විසින් සමාගම නැවත පවරා ගන්නා ලදී.2003 දී එම සමාගම තම 100 වන සංවත්සරය සමරා වසරකට පසුව සුප්‍රසිද්ධ ෆෝඩ් GT ප්‍රීමියම් ස්පෝර්ට් මෝටර් රථය හඳුන්වා දෙන ලදී. 2009 වසරේදී සමාගම විසින් ටර්බෝචාර්ජ් ඉකෝ බූස්ට එනජින් හඳුන්වා දුන් අතර 2014 වන විට ප්‍රධාන විධායක නිලධාරී තනතුර මාර්ක් ෆීල්ඩ්ස්(Mark Fields)විසින භාරගන්නා ලදී.



අද ෆෝඩ් මෝටර් රථ සමාගම විශාලතම මෝටර් රථ නිෂ්පාදකයන් ගෙන් එකක් වන අතර Motorcraft සහ Lincoln අංශ දෙකක් ද ඇත.මීට අමතරව 2016 වන විට සමාගමේ සමස්ථ ආදායම ඇ.ඩො බිලියන 151.8 ක් සහ සේවක සංඛ්‍යාව 201,000 ක් විය.සුඛෝපභෝගී මෝටර් රථ,බර වාහන හා මෝටර් රථ අමතර කොටස් නිෂ්පාදනය කිරීමට අමතරව සමාගම වාහන සේවා සැපයීමේ ලීසිං සහ මූල්‍ය පහසුකම් ද සපයයි.
ෆෝඩ් මෝටර් සමාගමේ සභාපති හෙන්රි ෆෝඩ් අනාගතයේ දී පියාසර මෝටර් රථවල අද්විතීය නවෝත්පාදනයන් යථාර්තයක් බවට පත්වන බව ප්‍රකාශ කරන පළමු පුද්ගලයා ඔහු විය. අතීතයේ දී එය බොහෝ උත්සාහයන් හා කලකිරීම් සමග අවසානයේ දී Aeromobil 3.0 නිපදවීමත් සමග මෙම සිහිනය අද සැබෑවක් වී ඇති අතර 2015 දී සිට මෙම පියාසර මෝටර් රථ විකිණීමට ඇ‌ත.
ලොව පුරා මෙහෙයුම් හමුවේ ෆෝඩ් මෝටර්ස් දැන් වඩාත් සාර්ථක මෝටර් රථ නිෂ්පාදකයන්ගෙන් එකකි.ඒත් එම සමාගමේ සාර්ථකත්වය එක් රැයකින් සිදු වුයේ නැත. ඇත්ත වශයෙන්ම එම සමාගම සිය වත්මන් තත්ත්වය ළඟාකර ගැනීම සඳහා අවුරුදු100 වඩා වැඩි කාලයක් ගත වී ඇ‌ති අතර අද වඩාත් සාර්ථකම ඇමරිකානු මෝටර් රථ සමාගම වන්නේ ෆෝඩ්ය.
(චන්ද්‍රසිරි ජයවික්‍රම විසිනි)

Comments

Popular posts from this blog

Dhammika Perera picks up last of world’s 50 Bentley Mulsanne Hallmarks

විජිත යාපා - සභාපති - විජිත යාපා ප්‍රකාශන

කොපර් (තඹ) රේඩියේටරයට අළුත් නිමාවක්