එක්සෝස්ට් ගෑස් බැක් ප්‍රෙෂර් - Exhaust Air Bag Compressor


එක්සෝස්ට් ගෑස් බැක් ප්‍රෙෂර් කියන එක එන්ජිම මගින් පිට කරන පිටාර වායුව බාහිර වායුගෝයලට මුදාහැරීමට සයිලන්සර් පද්ධතිය මගින් එන්ජිමට ඇ‌ති කරන පීඩනය ලෙස සරළව හඳුන්වන්න පුලුවන්.
උදාහරණයක් ලෙස එක්සෝස්ට් බැක් ප්‍රෙෂර් එක විස්තර කරන්න 4 ස්ට්‍රෝක් එනිජිමක් ගත්තොත් ඒ‌කේදී සක්ෂන්,කොම්ප්‍රෙෂන්,පවර් සහ එක්සෝස්ට් ස්ට්‍රෝක් කියලා පහරවල් හතරක් තියෙනවා.එන්ජිමක මෙන්න මේ කියන එක්සෝස්ට් ස්ට්‍රෝක් එකේදී පිස්ටන් සිලින්ඩර් බෝර් එකේ TDC(Top Dead Centre)සීමාවට ළඟාවීමේ දී එක්සෝස්ට් වෑල් විවෘතවීම සිදුවෙලා එකසෝස්ට් ගෑස් එක එහෙමත් නැත්නම් පිටාර වායුව කියන එක එන්ජිමෙන් පිටතට ගෙන එනවා.එන්ජිමෙන් පිටතට එන මේ පිටාර වායුවේ අඩංගු අපද්‍රව්‍ය,අහිතකර වායූන් ඉවත් කරලා වායු විමෝචනය අඩු කිරීම සහ ශබ්දය අඩු කිරීම සඳහා කැටලික්කන්වටර්
ඩීසල් පාර්ටිකියුලර් ෆිල්ටර්,මෆ්ලර් යනාදිය හරහා ගමන් කරලා අවසාන වශයෙන් වායුගෝලයට එකතු විය යුතුය වෙනවා.
එන්ජිමක් ක්‍රියා කිරීමේදී එක්සෝස්ට් වෑල්/එක්සෝස්ට් මැනිෆෝල්ටය සහ බාහිර වායුගෝලීය පීඩනය අතර පීඩන වෙනසක් නිර්මාණය කරලා තියෙනවා.ඒ‌ අනුව බාහිර වායුගෝලීය පීඩනයට වඩා එක්සෝස්ට් වෑල්/මැනිෆෝල්ට් තුල වඩා වැඩි පීඩනයක් තිබිය යුතුය.ඒ‌ අනුව එන්ජිමක මෙන්න මේ කියන එක්සෝස්ට් වෑල්/එකසෝස්ට් මැනිෆෝල්ට් තුල ඇ‌තිවෙ පීඩනය එන්ජිමක එක්සෝස්ට් බැක් ප්‍රෙෂර් එක ලෙස හඳුන්වනවා.
එන්ජිමක මේ කියන එක්සෝස්ට් බැක් ප්‍රෙෂර් එක වැඩි වීම නිසා එන්ජිමෙන් ලබාගන්න(ක්‍රෑන්ක්ශාෆ්ට් බලය) බලශක්තිය අඩු වීමට හේතුවක් වෙනවා.
මේක වෙන්නේ කොහොමද?
එන්ජිමක එක්සෝස්ට් ස්ට්‍රෝක් එකේ දී එන්ජිමට කිසිම බල ශක්තියක් ලැබෙන්නේ නැහැ.ඒ වෙනුවට පිටාර වායුව සිලින්ඩර් දහන කුටීර තුලින් පිටතට ගෙනයාමට පවර් ස්ට්‍රෝක් වලින් ගබඩා කරගත් ශක්තිය අවශ්‍ය වෙනවා එතකොට ඒ‌ අවස්ථාවේ දී පිටාර වායු පද්ධතිය තුල ඇ‌ති අමතර බධා කිරීම් ඇ‌ති තියෙනවා නම්,ඒ‌ කියන්නේ වායු විමෝචන අඩු කරීමට කැටලික්කන්වටර්,
ඩීසල් පාර්ටිකියුලර් ෆිල්ටර්(DPF) සහ මෆ්ලර් යනාදිය මගින් සිලින්ඩර් තුල ඇ‌ති පිටාර වායුව එක්සෝස්ට් වෑල්වයේ සිට බාහිර වායුගෝලය වෙත තල්ලුකර හැරීම සඳහා මෙම බාධක වලින් ඇ‌ති කරන පීඩනයට වඩා වැඩි පීඩනයකින් පිස්ටන් ඉහලට ගමන් කල යුතුය වෙනවා.ඒ‌ නිසා සිලින්ඩර් තුල නිපදවෙන පිටාර වායුව පිට කිරීම සඳහා වැඩි ශක්තියක් වැය කිරීමට සිදුවන නිසා ඒ‌ක ක්‍රෑන්ක්ශාෆ්ට් ක්‍රියාකාරීත්වය(බ්‍රේක් පවර්)අඩුවීමට හේතු වෙනවා.
මෝටර් රථයක එක්සෝස්ට් බැක් ප්‍රෙෂර් එක අතිශයින්ම ඉහල යාම නිසා පහත සඳහන ගැටලු ඇ‌තිවෙන්න තියෙන ඉඩ කඩ වැඩියි.
• ටොප් එන්ඩ් පවර්/හයි ස්පීඩ් පවර් එක අඩු වීම.
• දුර්වල ඉන්ධන පර්භෝජනය.
• එන්ජින් ඕවර් හීට් වීම.
• ඩීසල් පොම්ප ක්‍රියාකාරීත්වය වැඩි වීම.
• ඉන්ටේක් බූස්ට් ප්‍රෙෂර් එක අඩුවීම.
• සිලින්ඩර් බෝර් කැපීම සහ දහන ක්‍රියාවලි ගැටලු ඇ‌තිවීම.
• ටර්බෝ චාර්ජ් ගැටලු ඇ‌ති වීම.
ඒ‌ වගේම සම්පූර්ණයෙන්ම පිටාර වායු පද්ධතියම අවහිරවෙලා නම් එන්ජිම පණගැන්වීම හැකි අතර එන්ජිම විනාඩියක් හෝ දෙකක් පණගැන්වී තිබී බැක්ප්‍රෙෂර් එක වැඩි වීම නිසා නැවත අක්‍රීය වෙන්න පුලුවන්.
ඒ‌ නිසා සියලුම මෝටර් රථ එන්ජින් සඳහා නිෂ්පාදකයින් විසින් නිශ්චිතව දක්වා ඇති එන්ජින් එක්සෝස්ට් බැක් ප්‍රෙෂර් තියෙනවා.ඒ‌ නිසා අධික එන්ජින් බැක් ප්‍රෙෂර් එකක් යටතේ ක්‍රියාකිරීම නිසා එන්ජින් වගකීම කාලය අවලංගු වීමට ද හේතුවක් වෙනවා.
බොහෝ එන්ජින් සඳහා එන්ජින් අයිඩල් අවස්ථාවේ දී බැක්ප්‍රෙෂර් එක 1.5 psi වලට වඩා අඩු වන අතර සමහර එක්සෝස්ට් සැලසුම් සහ නිර්මාණ වලට අනුව සහ මෆ්ලර්/අනුනාදකය,එක්සෝස්ට් බටව වල ප්‍රමාණය අනුව එම අගය තරමක් වෙනස් වෙන්න පුලුවන්.
ඒ‌ කොහොම වුණත් එක්සෝස්ට් බැක් ප්‍රෙෂර් එක මැනීම කියන තරම් ලෙහෙසි නැහැ.ඒ‌ සඳහා 0-15psi හෝ 0-100 psi බැක්ප්‍රෙෂර් ගේජ් එකක් අවශ්‍යවෙනවා.ඒ‌ සඳහා එක්සෝට් පයිප් විදීම සිදු කරලා බැක්ප්‍රෙෂර් ගේජ් සවි කිරීමට ද අවශ්‍යවෙනවා.ඊට අමතරව එක්සෝස්ට් මැනිෆෝල්ට් එකේ තියෙන ඔක්සිජන් සෙන්සරය ගලවලා බැක්ප්‍රෙෂර් ගේජ් හෝස් සම්බන්ධතා සවිකරලා පරීක්ෂා කිරීම් කරන්නත් පුලුවන්.
එක්සෝස්ට් බැක් ප්‍රෙෂර් එක අඩු කිරීම මගින් ඉන්ධන පිරිමැස්ම සහ කාර්‍ය්‍යයයසාධනය වැඩිදියුණු කර ගන්න පුලුවන්.ඒ‌ අනුව පිටාර වායු පද්ධතියේ සීමාවන් සහ බාධා කිරීම් අඩු කිරීම මගින් එන්ජිමට වඩාත් කාර්‍ය්‍යක්ෂමව හුස්ම ගැනීමට හැකියාවක් ලැබෙන අතර බොහෝ පිටාර වායු පද්ධති වෙනස් කිරීම් මගින් සිදුවෙන්නේ මෝටර් රථයේ නිෂ්පාදකයා විසින් සවිකර ඇ‌ති ස්ටොක් මෆ්ලර් ඉවත් කර ඒ‌ වෙනුවට අඩු බාධා කිරීම් සහිත ආ‌ෆ්ටර් මාර්කට් කාර්‍ය්‍යයසාධන මෆ්ලර් සවි කිරීම හෝ කැටලික් කන්වටරයට පසු සම්පූර්ණ පිටාර වායු පද්ධතියම නිදහස් ගැලීමක් සහිත ආ‌ෆ්ටර් මාර්කට් කාර්‍ය්‍යයසාධන පිටාර වායු පද්ධතියක් සවිකිරීමයි.
ඒ‌ අනුව එන්ජිමක පිටාර වායු පද්ධතියට කිසිදු සීමා කිරීමක් අවශ්‍ය නොවන නමුත් වායු විමෝචන හා ශබ්ද රීති රෙගුලාසි ලෝකය පුරා දැඩි ලෙස ව්‍යාප්ත නොවැළැක්විය හැකි නිසා පිටාර වායු පද්ධතියේ එම උපාංග නිසා එන්ජින් එක්සෝස්ට් බැක් ප්‍රෙෂර් වැඩි ඇති වන අතර එමගින් එනජින් බලය බලය අඩු වීම යම් තරමකින් හරි සිදුවෙනවා.ඒ‌ කොහාම වුණත් ආ‌ක්‍රමණශීලී රියපැදවීම් පුරැදු ඇ‌ති විට ආ‌ෆ්ටර් මාර්කට් පිටාර වායු පද්ධති සවි කිරීම කල පමණින්ම ඉන්ධන පිරිමැස්ම/කාර්‍ය්‍යයක්ෂමතාවයක් ලබාගැනීමට හැකියාවක් නැති අතර ඒ‌ වෙනුට පෙරට වඩා වැඩි පුර ඉන්ධන පරිභෝජනය කල හැකිය.
(චන්ද්‍රසිරි ජයවික්‍රම විසිනි)

Comments

Popular posts from this blog

Dhammika Perera picks up last of world’s 50 Bentley Mulsanne Hallmarks

විජිත යාපා - සභාපති - විජිත යාපා ප්‍රකාශන

කොපර් (තඹ) රේඩියේටරයට අළුත් නිමාවක්