බොඩි කොන්ට්‍රෝල් මොඩියුල්(BMC)

🔥මෝටර් කාර්මික දැනුම🔥


නවීන මෝටර් රථ වල භාවිතා කරන බොඩි කොන්ට්‍රෝලය මොඩියුලය (BMC)කියලා කියන්නේ මොකක්ද?
මෝටර් රථ වල බොඩි කොන්ට්‍රෝල් මොඩියුල් කියලා කියන්නේ කියන්නේ එන්ජිම සමග ඍජු සම්බන්ධයක් නොමැතිව මෝටර් රථයක බොඩියට අදාල විවිධ ඉලෙක්ට්‍රොනික උපාංග නිරීක්ෂණය සහ පාලනයට අදාල බොහෝ දේවල් පාලනය කරන මෝටර් රථ පරිගණකයක්.ඒ‌ අනුව මෝටර් රථය පුරාවට ඇ‌ති විද්‍යුත් පරිපඨ(මෝටර් රථයේ බොඩියට සම්බන්ධ)මේ කියන බොඩි කොන්ට්‍රෝල් පරිගණකයකට සම්බන්ධවෙනවා.


බොඩි කොන්ට්‍රෝල් මොඩියුලය නිශ්චිත එක් මෝටර් රථයක් සමඟ පමණක් වැඩ කිරීමට විශේෂයෙන් සැලසුම් කරලා තියෙන නිසා එක් මෝටර් රථයක යතුර හෝ රිමෝට් කොන්ට්‍රෝලය භාවිතා කරන විට වෙනත් මෝටර් රථයක ඇ‌ති බොඩි කොන්ට්‍රෝල් මොඩියුලයක් මගින් දොරවල් විවෘත වීම ආ‌දිය සිදුනොවන අතර ඒ‌ වගේම එන්ජිම පණගන්වීමට උත්සාහ කරන විට එහි ඉග්නිෂන් කී එකට ඇ‌තුලත් කර ඇ‌ති ඉලෙක්ට්‍රොනික් කී කෝඩ් එක එන්ජින් කොන්ට්‍රෝල් යුනිට් එකේ ගබඩා කර ඇ‌ති කී කොඩ් අංකය,ඇ‌න්ටි-තෙෆ්ට් යාන්ත්‍රණය හරහා ද පරීක්ෂා කිරීම සිදුකරනු ලබනවා.එන්ජින් කොන්ට්‍රෝල් යුනිට් එක මගින් ද මෙය පරීක්ෂා කරන නමුත් ඊට අමතරව බොඩි කොන්ට්‍රෝල් මොඩියුලය මගින් ද දොරවල් ලොක් කිරීම වැනි අතිරේක පරීක්ෂා කිරීමේ හැකියාව තියෙනවා.



ප්‍රථම වරට මෝටර් රථ හා ට්‍රක් රථවල විද්‍යුත් උපකරණ භාවිතා කිරීම ආ‌රම්භ කල අවස්ථාවේ දී සෑම උපාංගයකටම වෙන්වූ විද්‍යුත් පාලන උපාංගයක් මගින් පාලනය විය.උදාහරණ එයාර් කන්ඩිෂනිං සඳහා මොඩියුලයක්,ඉන්ටීරියෝ සහ එකස්ටීරියෝ ලයිට්නිං සඳහා මොඩියුලයක්,දොර ලොක් සඳහා මොඩියුලයක් යනාදී ලෙස භාවිතා වූ අතර වර්ථමානයේ භාවිතා කරන බොඩි කොන්ට්‍රෝල් මොඩියුලය මගින් එම එක් එක් පද්ධතිය යටතේ වෙන වෙනම මොඩියුලයන් යටතේ සිදු වූ ක්‍රියාවන් එක් පාලන මොඩියුලයක් මගින් සිදු කර දත්ත එක්රැස් කරගෙන ඒවා නිෂ්පාදනයට හා දෝශ නිරාකරණය සඳහා පහසු වන ආකෘතියක් ලෙස වෙන් වෙන් වශයෙන් ක්‍රියාකරනවා.විවිධ ආකාරයේ බොඩි කොන්ට්‍රෝල් මොඩියුල් පවතින නමුත්,සාමාන්‍යයෙන් ඒ‌වා සෙන්සර්,ස්විච් සහ ස්වයං ප්‍රතික්‍රියා කිරීම් එක් පරිගණක පද්ධතියක් යටතේ ක්‍රියා කරයි.



මෙම පරිගණක උපාංග ඉන්පුට් සහ අවුට් පුට් ලෙස කොටස් දෙකකට බෙදෙන අතර ඉන්පුට් වල දී හීටිං හෝ වේගය පිළිබඳ සෙන්සර් දත්තයන් ද අවුට් පුට් මගින් බොඩි කොන්ට්‍රෝල මොඩියුලය පරිගණකය මගින් මෝටර් රථයේ ඉලෙක්ට්‍රොනික් ක්‍රියාකාරීත්වය පාලනය කරනු ලබනවා.ඉන්පුට් සහ අවුට් පුට් තවදුරටත් විශ්ලේෂණය කිරීම සඳහා හා ඩිජිටල් සහ ඇ‌නලොග් ආකාරයේ තොරතුරු වලට බෙදා වෙන් කර දැක්විය හැකි අතර අඛණ්ඩව වෙනස් වන මොඩියුල් සමඟ ඇනලොග් සංඥා(ඔයිල් ප්‍රෙෂර් වැනි)භාවිතා වන අතර සරළව ක්‍රියාකළ හැකි හෝ අක්‍රීය කළ හැකි මොඩියුල සඳහා ඩිජිටල් සංඥා භාවිතා කරනු ලබනවා(හෙඩ් ලයිට්,ඔයිල් වර්නිං ලයිට්)




බොඩි කොන්ට්‍රෝල් මොඩියුල් පරිගණකය, දත්ත ගබඩා කිරීම සහ පරිගණක RAM භාවිතා කර රේඩියෝ තරංග යැවීම හෝ ලැබීම වැනි සාමාන්‍ය පරිගණකයක ක්‍රියාකාරිත්වයන් වඩා බොහොමයක් කාර්‍ය්‍යයන් ඉටු කරනු ලබන අතර බොඩි කොන්ට්‍රෝල් මොඩියුල් පරිගණකය බොහොමයක් පද්ධති පාලනය කර එහි සියලුම සංරචක මොඩියුලයන්ගේ දෝශ ගවේශණය ද සිදුකරනු ලබයි.සමහර මොඩියුල් වල ඉලෙක්ට්‍රොනික් ටයිමර් සකස්කර ඇ‌ති අතර මෝටර් රථය ක්‍රියාත්මක නොවන විට පවා ක්‍රියාකාරී විය යුතු ඇ‌න්ට්-තෙෆ්ට් එලාර්ම් සිස්ටම් වැනි පද්ධති බොඩි කොන්ට්‍රෝල් මොඩියුල් පරිගණකය මගින් ඩිජිටල් ලෙස අධීක්ෂණය කරනු ලබයි.ඒ‌ වගේම බොඩි කොන්ට්‍රෝල් මොඩියුල් පරිගණකය මගින් මෝටර් රථයේ මයිලේජ් සහ CO2 පිටමගවීම් අධීක්ෂණය කරන අතර ගැටළු විසඳීමේදී කාර්මිකයා නිතරම නිවැරදි ප්‍රදේශයට යොමු කර තබන අතර බොඩි කොන්ට්‍රෝල් මොඩියුලයට ප්‍රතිචාර නොදක්වන මොඩියුලයන් පිළිබඳව ඩයග්නොස්ටික් ෆෝල්ට් කෝඩ් සකස් කරන අතර එම අවස්ථාවලදී බොඩි කොන්ට්‍රෝල් මොඩියුල් පරිගණකය මගින් දෝශගවේශණය කර හඳුනාගත හැකි නිශ්චිත ගැටළු වාර්තා කරයි.



මෝටර් රථ බොඩි කොන්ට්‍රෝල් මොඩියුල් පරිගණකය භාවිතා කල හැකි විශේෂාංග;
• Remote keyless entry (RKE)
• Tire pressure monitor (TPMS)
• Anti-theft/alarm
• Door locks
• Interior and exterior lighting • Rear defog
• Heated mirror
• Front/rear wiper and washer
• Front/rear wiper and washer
• Horn
• Temperature sensor
• Airconditioning and Heating
• Switch inputs (ignition, door ajar, seat belts, park brake, engine oil level, cruise, lighting, wiper/ washer)
• Battery rundown protection
• Low power mode function.
• Gateway(CAN-LIN)
• Diagnostics via CAN හෝ K-Line lmmobilizer හැකියාවන් දැක්විය හැකිය.
(චන්ද්‍රසිරි ජයවික්‍රම විසිනි)

Comments

Popular posts from this blog

Dhammika Perera picks up last of world’s 50 Bentley Mulsanne Hallmarks

විජිත යාපා - සභාපති - විජිත යාපා ප්‍රකාශන

කොපර් (තඹ) රේඩියේටරයට අළුත් නිමාවක්