එක්සෝසට් ගෑස් රීසර්කියුලේෂන් කූලර්
මෝටර් කාර්මික දැනුම
එක්සෝස්ට් ගෑස් රීසර්කියුලේෂන්(EGR)
කියන්නේ මොකක්ද කියන එක තරමක් සංකීර්ණ තත්වයක් නිසා මුලින්ම ඒ ගැන කෙටි පැහැදිලි කරගැනීමක් කරගනිමු.
EGR කියන්නේ අභ්‍යනර දහන එන්ජින් වල දහනය වන උෂ්ණත්වයේ ක්‍රියාකාරිත්වය නිසා ඇතිවෙන නයිට්‍රජන් (NOx) ඔක්සයිඩ වල ප්‍රමාණය පාලනය කිරීම/අඩු කිරීම සඳහා භාවිතා කරන ක්‍රමයක්.ඒ කියන්නේ එන්ජිම ඇතුලට ඇදගන්න ඔක්සිජන් සමග යම් ප්‍රමාණයකට දුර්වල පිටාර වායුව ප්‍රවාහයක් මිශ්‍රකර ඉන්ටේක් මැනිෆෝල්ටය තුලට ලබාදීම මගින් එය සිදු කරනවා.එන්ජිම තුලට ලබාදෙන වායුවේ අඩු ඔක්සිජන් අන්තර්ගතයක් තියෙනවා කියනනේ අඩු දහනය සහ අඩු උෂ්ණතවය කියන එකයි.අඩු උෂ්ණතවය නිසා අඩු නියිට්‍රජන් ඔක්සයඩ් සෑදීම අඩු වෙනවා.
විශේෂයෙන් ටර්බෝ ඩීසල් එන්ජින් වල ඉන්ටේක් එයාර් ටෙම්පරේචර් එකේ උෂ්ණත්වය පිටාර වායුවේ උෂ්ණත්වයට සෘජු බලපෑමක් ඇති කරන නිසා එය පාලනය කිරීම අතිශයින්ම වැදගත් වෙනවා.එහිදී EGR පද්ධතිය හරහා ලබාදෙන එක්සෝස්ට් ගෑස් ටෙම්පරේචර්
(EGT)එක වැඩි නම් ටර්බෝ චාර්ජ් ඉම්පිලර්,එක්සෝස්ට් මැනිෆෝල්ට්
වගේ දේවල් වලට හානි සිදුවෙනවා.ඒ නිසා EGR පද්ධතිය හරහා ඉන්ටේක් මැනිෆෝල්ටය තුලට ලබාදෙන ඉන්ටේක් වායුවේ උෂ්ණත්වය යම් අඩු අගයක රඳවා ගැනීම සඳහා EGR කූලර් එකක් භාවිතා කරනවා.එහිදී රත් වූ පිටාර වායුව EGR කූලර් එක හරහා ගමන් කිරීමේ දී එහි ඇති තාපයෙන් යම් ප්‍රමාණයක් එන්ජින් කූලින් සිස්ටම් එක හරහා අඩු වීම සිදුවෙනවා.සමාන්‍යයෙන් එන්ජිමක් ක්‍රියාකිරීමේ දී දහන කුටීර උෂ්ණතවය සල්සියස් අංශක 1000 ක් හෝ ඊට වඩා වැඩි අගයක් ගන්නවා.ඒ වගේම සිලින්ඩර් හෙඩ් සහ එක්සෝස්ට් මැනිෆෝල්ට් එක අතර පිටාර වායුවේ උෂ්ණත්වය සාන්‍යයෙන් සෙල්සියස් අංශක 800 ක් පමණ වෙනවා.
සාමාන්‍යයෙන් එම උෂ්ණත්වය සීත සෘතුවේ දී සම්පූර්ණ නිවසක් උණුසුම් කිරීමට ප්‍රමාණවත් තරම්.ඒ නිසා පැහැදිලිවම එය විශාල තාප ප්‍රමාණයක්.ඒ නිසා එවැනි උෂ්ණත්වයක් සහිත පිටාර වායු ප්‍රවාහයක් නැවත් ඉන්ටේක් මැනිෆෝල්ටය හරහා ලබා දී දහනයේ දී ඇතිවන නයිට්‍රජන් ඔක්සයිඩ් ප්‍රමාණය අඩු කිරීමට වඩා එමගින් වැඩි හානිදායක තත්වයක් නිර්මාණය කරන බැවින් එම පිටාර වායු ප්‍රවාහයේ උෂ්ණත්වය යම් අගයකට අඩු කර ඉන්ටේක් මැනිෆෝල්ටය තුලට ලබාදීම මෙම EGR කූලරයෙන් කරන ප්‍රධානතම කාර්‍ය්‍යය ලෙස හඳුන්වන්න පුලුවන්.
ඒ කොහොම වුණත් කලයත් සමග මෙම EGR කූලර් වල ගැටලු ඇති විය හැකි අතර EGR කූලරය තුල ඇති කුඩා නළ සමබන්ධතා කැඩී යාම නිසා අභ්‍යන්තර කාන්දුවීම් ඇති වෙන්න පුලුවන් වගේම EGR කූලර් එකට බාහිරින් සම්බන්ධ වෙන කූලන්ට් හෝස්,පිටාර වායු නල මාර්ග ගෑස්කට් අදියේ ද කාන්දුවීම් ඇති වෙන්න පුලුවන්.එවැනි තත්වයක් තුල චෙක් එන්ජින් වර්නින් ලයිට් දැල්වීම සහ එන්ජින් ලිම්ප් මූඩ් තත්වයෙන් ක්‍රියාකිරීම වැනි තත්වයන් ඇති විය හැකි අතර එවැනි අවස්ථාවක EGR කූලර් කාන්දුවීම් හඳනා ගැනීම සඳහා උදව් විය හැකි ඉඟි කිහිපයක්:
1)අනපේක්ෂිත ලෙස කූලන්ට් රෙසවරයෙන් හෝ සිසිලන පද්ධතියෙන් කූලන්ට් අතුරැදහන්වීම.දෝෂ සහිත EGR ඇති විට කූලන්ට් එන්ජිමෙන් පිටතට නොව පිටාර පද්ධතියට කාන්දුවීම ඇති කරයි.එහිදී අනතුරු ඇඟවීමේ සලකුණු නොසලකා හැරීම බොහෝ දෙනෙක් කරන මිල අධික වැරැද්දක්.බොහෝ දෙනෙකුට පැහැදිල කාන්දුවීමක් සොයා ගැනීමට හෝ දැකීමට නොහැකි නිසා එය කාන්දු නොවීමක් ලෙස සලකා එය නොසලකා හරිනු ලබන අතර කාලයත් සමග එන්ජිමෙන් පිටවන කූලන්ට් ප්‍රමාණය වැඩි වී ඉක්මනින් දෙවන අනතුරු ඇඟවීමේ ලකුණක් නිර්මාණය කරනු ලබනවා.
2)සයිලන්සරයෙන් හුමාල ලෙස වාෂ්ප වී යන සුදු පැහැති දුම් පිටවීම.පිටාර පද්ධතියට ඇතුල් වන කූලන්ට් ඉක්මනින් වාෂ්පීකරණය වන අතර ද්‍රව වාෂ්ප ලෙස පිටතට පැමිණීම සිදුවේ.
3)කූලන්ට් රෙසවරයෙන් කූලන්ට් උතුරායාම.ඇත්ත වශයෙන්ම එය දෝෂ සහිත EGR කූලරයේ අනිවාර්‍ය්‍යය ලක්ෂණයක් නොවන අතර එන්ජින් ඔයිල් කූලරය අවහිරවීමෙන් EGR කූලරය වෙත ගමන්කරන කූලන්ට් ප්‍රවාහය සීමාවීම නිසා ඇති වන තත්වයක්.EGR කූලරය සිසිල් කිරීම සඳහා ප්‍රමාණවත තරම් කූලන්ට් නොලැබෙන නිසා එහි අභ්‍යන්තරයේ ඇති කූලන්ට් ඉක්මනින්ම බොයිල් වීම සිදුවෙනවා.කූලන්ට් බොයිල්වීම නිසා උෂ්ණත්වය ඉහළ යන විට ඇති වන අධිපීඩන නිසා EGR කූලරය තුල ඇති කූලන්ට් තුල එයාර් පොකට් ත්වයක් නිර්මාණය වන අතර එය කූලන්ට් රෙසවයේ මූඩිය/පිටාර මාර්ගය හරහා ඉවතට ගලායාම සිදුවෙනවා.ඒ අනුව EGR කූලරය අධික ලෙස රත්වෙනවා නම් සහ එය නුදුරු අනාගතයේ දී අසමත් විය හැකි නිසා එවැනි අවස්ථාවක EGR කූලරය මාරැ කිරීම කල යුතු වෙනවා.
දෝෂ සහිත EGR කූලර් හඳුනගන්නේ කොහොමද?
ඉහත ලක්ෂණ තුන දක්නට තියෙනවා නම් මේ කියන ක්‍රමය ඒකට හොඳ පරීක්ෂණයක්.එනිජිම නිවෙන්න තියලා EGR වෑල් එක ගලවලා එහි ඇතුලත නිරීක්ෂණය කිරීම මගින් ඒ තුල තෙත් ගතියක්,ජල වාෂ්ප හෝ පෙන කැටි දක්නට ලැබේ නම් එය සමහර විට එය EGR කූලර් එකේ ගැටලුවක් ඇත් බවට සලකුණක් විය හැකිය.
(චන්ද්‍රසිරි ජයවික්‍රම විසිනි)
09/11/2017

Comments
Post a Comment