විදුළි වාහන වල බැටරි ආරෝපණය

සාමාන්‍ය පුද්ගලයෙක් විදුළි වාහනයක් ගැන දරණ මූලික මතය වන්නේ, වාහනය ආරෝපණය කර ගන්නට බොහෝ වෙලාවක් යන නිසා මේ ආකාරයේ වාහන ප්‍රායෝගික නැති බවය. ලොකු ඉන්ධන ටැංකියක් ඇති සුඛෝපභෝගී මෝටර් රථයක වුවද ඉන්ධන ටැංකිය පුරවන්නට ගත වන්නේ වැඩිම වුනොත් විනාඩි දහයක් පමණ කාලයකි. එහෙත් උදාහරණයක් වශයෙන් නිසාන් ලීෆ් රථයක් නිවසකදී ආරෝපණය කරගන්නට පැය 5ක් පමණ යන්නේය. 
 
 

 සමහර විචාරකයන් කියන ආකාරයට විදුළි වාහනය 17, 18 ශත වර්ශ වල තිබුණු අශ්ව කරත්තයක් වැනිය. යම් උරක් ගිය පසු අශ්වයන් ලිහා දැමිය යුතුය. එවිට උන්ට පුන්නක්කු, තණකොළ සහ වතුර දී නැවත ගමනට සහභාගී කර ගත යුතුය. :D
තවත් උදාහරණයක් ගනිමු. ෆෝර්ඩ් ෆෝකස් විදුළි මෝටර් රථයක් [මේවා ලංකාවේ තිබේදැයි නොදනිමි.] ආරෝපණය කිරීමේ ක්‍රම තුනක් ඇත. ඒවා Level 1,2,3 සේ හැඳින්වේ. Level 1 යනු, පාරේ විදුළි පද්ධතියට සම්බන්ද නිවාසයක වැනි තැනක ආරෝපණය කිරීමයි. එහිදී කිලෝ වොට් 1 -1.5 ක් පමණ ප්‍රමාණයක් මගින් පැය 30ක් පමණ ආරෝපණය කල යුතුය. එමගින් වාහනයට කිලෝ මීටර් 180ක් පමණ ධාවනය කල හැක.
Level 2 යනු නිවාසයක වුවද සවි කල හැකි, එහෙත් සාමාන්‍යයෙන් පාරේ සොයාගත හැකි ආරෝපිත මධ්‍යස්ථානයකි. එයින් මේ වාහනය පැය 5.5 කදී සම්පූර්ණයෙන් ආරෝපණය වේ. එහෙත් මෙයටත් වඩා වැඩි ශක්තියක් බැටරි පද්ධතියට දීමට හැකි තෙකලා ආරෝපිත මධ්‍යස්ථාන වලින් පැයක් පමණ කාලයකදී වාහනය ආරෝපණය කර ගත හැක.
මේ අවසාන අවස්ථාවේ වුවද, ආරෝපණය කිරීමේදී, ඒ සඳහා අඩුම ගානේ පැයක් වත් යනු ඇත. එනම් දුර ගමනක් යන අවස්ථාවක මෙය සෑහෙන හිරිහැරයක් වන බව පෙනේ. කෙසේ වුවද නවතම සොයා ගැනීම් හේතුවෙන් මේ ආරෝපිත කාලය දිනෙන් දින අඩුවේ. කෙසේ වුවද, අද දිනයේ සාමාන්‍ය විදුළි වාහනයක් භාවිතා කල යුත්තේ ස්මාර්ට් දුරකථනයක් භාවිතා වන ආකාරයටය. එනම් ඔබගේ අනෙක් වැඩ කටයුතු වලදී මේ ආරෝපණය කර ගැන්ම සඳහාද කාලයක් වෙන් කල යුතු වේ.
මෙහිදී විදුළි වාහන වල ප්‍රමුඛ වාහනය සේ සලකන, ඇමරිකාවේ නිෂ්පාදිත ‘ටෙස්ලා මෝටර් රථය’ ගැන සොයා බැලීම වටී. එහි අශ්ව බලයද සාපේක්‍ෂව වැඩි අගයකි. එනම් එයින් කිලෝ වොට් 120ක බලයක් ජනනය කල හැක. මේ වාහනය සාමාන්‍ය ආකාරයට, සම්පූර්ණයෙන් ආරෝපණය කිරීමට යන්නේ මිනිත්තු 75කි. එමගින් එම වාහනයට කිලෝ මීටර් 300ක් ගමන් කල හැක. නමුත් යුරෝපයේ දැනටමත් සවි කර ඇති කිලෝ වොට් 350ක් පමණ බලයක් සැපයිය හැකි නව ආරෝපිත මධ්‍යස්ථාන වලින් මේ වාහනය ආරෝපණය කරන්න යන්නේ, මිනිත්තු 10 -15 අතර කාලයකි.



එමෙන්ම 2020 වසරේ එළියට එන්නට නියමිත පෝෂ් මිෂන් E [Porshe mission E] යන වාහනය එක් ආරෝපණයකින් කිලෝ මීටර් 400ක් යන්න ට නිර්මාණය කිරීමට නියමිතය. මේ වාහනය ඉහත කී ඉක්මන් ආරෝපිත මධ්‍යස්ථානයකින් ආරෝපණය කරන්නට යන වැඩිම කාලය මිනිත්තු 15 කි.
ඉහත කී අයුරෙන් වාහනයේ බැටරි පද්ධතිය ආරෝපණය වන විට එම බැටරි වලට හානි වන්නේය යන්න වැරදි මතයකි. අඩු කාලයකින් ආරෝපණය වන විට වාහනයේ පරිඝණක පද්ධතිය මගින් එම බැටරි පද්ධතිය කොටස් කීපයකට බෙදා එකවර ආරෝපණය කර ඉක්මන් ආරෝපණය සිදු කෙරේ. විදුළි වාහන තැනෙන අතරේ, බැටරි ආරෝපිත මධ්‍යස්ථාන සහ එම බැටරි ආරෝපිත යන්ත්‍ර නිර්මාණය සහ නිෂ්පාදනය සඳහා කටයුතු කෙරේ. මේ නිෂ්පාදකයන් දෙදෙනෙක් වන්නේ ජර්මනියේ බොෂ් හෙවත් Bosch Electric සහ වොල්ක්ස්වැගන් කොම්පැණිය ට අනුබද්ධ Electrify America යන ආයතනයන්ය.
වෙළඳ රහස් නිසා මේ ආකාරයේ ආරෝපිත මධ්‍යස්ථාන ගණන ඔවුන් නොකියන නමුත්, ඇමරිකාවේ කැලිෆෝර්නියා සහ යුරෝපයේ ජර්මනිය නෙදර්ලන්තය වැනි රටවල් වල බොහෝ විදුළි ආරෝපිත මධ්‍යස්ථාන බිහි වෙනු ඇත. මෙහිදී ඇසෙන තවත් හොඳ ආරංචියක් නම්, ජර්මනියේ බී. එම්. ඩබ්ලිව්, ඩේම්ලර් සහ වොල්ක්ස්වැගන් සමාගම් එකතුව මෙවැනි ආරෝපිත මධ්‍යස්ථාන බිහි කිරීමට යාමය. එහෙත් තවමත් මේ සඳහා පනින්නට ඇති කඩුළු තවමත් ඇත. [ළිපිය ලියන්නේ ඔක්තෝබර් 2017]



එනම් මෙසේ ආරෝපණය කරන ආකාර එක ක්‍රමයක් නොවීමය. උදාහරණයක් සේ නිසාන්, චැවලේ, සහ වොක්ස්වැගන් වාහන ටෙස්ලා ආරෝපිත මධ්‍යස්ථාන වලින් ආරෝපණය කල නොහැක.
ඉහත කී ඉක්මණින් ආරෝපණය කරන ආරෝපිත මධ්‍යස්ථාන, පැරණි කුඩා ඒවා වෙනස් කර තනා ගැනීම ප්‍රායෝගික නැත්තේ, විශාල විදුළියක් සැපයීම සඳහා ඝනකම සන්නායක භාවිතා කල යුතු හෙයිණි.
මේ ආරෝපිත මධ්‍යස්ථාන ජපානය, ඇමරිකාව සහ යුරෝපය වැනි තැන්වල විශාල සේ ඉදි වෙමින් පවතී. උදාහරණයක් සේ අද දින ජපානයේ ආරෝපිත මධ්‍යස්ථාන ප්‍රමාණය එහි ඇති පෙට්‍රල් වැනි ඉන්ධන සපයන මධ්‍යස්ථාන වලට වඩා වැඩිය.

Comments

Popular posts from this blog

Dhammika Perera picks up last of world’s 50 Bentley Mulsanne Hallmarks

විජිත යාපා - සභාපති - විජිත යාපා ප්‍රකාශන

කොපර් (තඹ) රේඩියේටරයට අළුත් නිමාවක්