Vega සාඩම්බර ලාංකීය නිපැයුම
වේගා. ලංකාවේ නිපදවෙන පළවෙනි ඉලෙක්ට්‍රික් සුපිරි මෝටර් රථය. Code Gen
සමාගමේ අනුග්‍රහයෙන් තමයි මේ සුපිරි කාරය ගොඩනැගෙන්නේ. වේගා නිර්මාණය කරනු
ලබන්නේ Codegen සමාගමේ ප්‍රධානී හර්ෂ සුභසිංහ මහතා සහ ව්‍යාපෘතිය භාරව
සිටින බෙෂාන් කුලපල මහතා සහ Code Gen සමාගමේ ඉංජිනේරුවන් කණ්ඩායමකගේ
උත්සහයක ප්‍රතිපලයක් ලෙසයි
මේ ව්‍යාපෘතිය ගැන ගොඩක් අය සතුටින්, කල
හැකි දෙයක් ලෙස බලන අතර සමහරක් අය මේ දෙස බැලුවේ කල නොහැකි නිෂ්ඵල දෙයක්
ලෙසයි. මේ මෝටර් රථයේ මිල ලාංකිකයන් වන අපට දරා ගත නොහැකි බව සැබෑය. එනමුත්
මෙවැනි විසල් ව්‍යාපෘතියක් අපට කල හැකි බව පෙන්වාදීම ම නව නිපැයුම්
කරුවන්ට දුන් සැබෑ දිරිගැන්වීමකි. විදෙස් රටවල නිපැයුම් ගැන උජාරුවෙන්,
වර්ණනා කරමින් ලියන අපේ රටේ ඇතැම් තාක්ෂණික සඟරා මෙවැනි තම රටේ නිපැයුම්
ගැන අකුරක් පල කරන්නේ නැත.
ශ්‍රී ලංකාව තුල මෙතෙක් සිදුකලේ එකලස් කිරීම පමණයි.නමුත් මේය 100%ක්ම
ශ්‍රී ලාංකීය නිෂ්පාදනයක් බව ආඩම්බරයෙන් පවසන්න පුළුවන්...දැනට සදහන් වන
පරිදි මෙය අශ්වබල 900ක් බලැති විද්‍යුත් මෝටරයකින් සමන්විතයි.ඒවගේම මේක
100%ක්ම ඉලෙක්ට්‍රික් කාරයක්.වේගාගේ පසුපස රෝද කරකවන්න වෙනම මෝටර් දෙකක්
තියෙන බට තමයි දැනට දැන ගන්න ලැබෙන ආරංචිවල සදහන් වෙන්නේ.ඒවගේම සයිබර්
අවකාශේ සදහන් වන පරිදි පැයට සැතපුම් 0 සිට 60ක් දක්වා වේගයක් ගැනීමට මේ
වේගාට ගතවන්නේ තප්පර 3.5ක් පමනයිලු..
ෆට්ට නේද?මෙහි වේගය 240Kmph පමණ වෙනවලු...(නමුත් සමහර තැන් වල සදහන් වෙන්නේ 150Km ලෙසයි)බැටරිය චාර්ජ් කලපසු 240Km දුරක් ගමන් කරන්න පුළුවන් කියල තමයි කියන්නේ...ඒවගේම මේකේ බොඩිය කාබන් ෆයිබ් යොදගෙන තමයි නිපදවා ඇත්තේ.
මේ වන විටත් නිෂ්පාදන කටයුතු කොළඹ, මරදානේ නොලේජ් පාක් භූමියේ නවීකරනය කරන ලද පැරණි ට්‍රිපෝලි ගොඩනැගිල්ලේ සිදුකෙරෙමින් පවතී.ප්‍රධාන පෙළේ සංචාරක සමාගම් සඳහා මෘදුකාංග නිෂ්පාදනය කරන ලෝකයේ මෘදුකාංග සමාගම් අතර ඉහලින්ම සිටින එංගලන්තයේ ට්‍රැවල් සොෆ්ට්වේයාර් නම් මව් සමාගමේ තවත් සමාගමක් ලෙසින් කටයුතු කරන කෝඩ්ජෙන් සමාගම විසින් මෙම සුපිරි ”වේගා” නම් මෝටර් රථයේ නිෂ්පාදන කටයුතු සිදුකරයි.

ඒ
සඳහා ශ්‍රී ලංකාවේන් බැහැරව විදේශ රටවලට සේවය සැපයූ ශ්‍රී ලාංකික
මහාචාර්යවරු, ආචාර්යවරු, පරිගණක හා මෘදුකාංග ඉංජිනේරුවරු, තාක්ෂණික
ශිල්පීන් මෙරටට ගෙන්වාගෙන ඔවුනට අවශ්‍ය සියලු පහසුකම් ලබා දී තිබෙන බව පැවසෙනවා.

Comments
Post a Comment