Secondary Air System - සෙකන්ඩ්‍රි එයාර් සිස්ටම්


මොකක්ද මේ සෙකන්ඩ්‍රි එයාර් සිස්ටම් කියන්නේ?

ස්පාර් ඉග්නිෂන් පද්ධති ඇ‌ති වාහනවල එහෙමත් නැත්නම් පෙට්‍රල් එන්ජින් මගින්(විශේෂයෙන් V6,V8,V10 සහ V12 වැනි විශාල එන්ජින් වල)වායු දූෂණය වැඩියෙන්ම ඇ‌ති වන අවස්ථාවකි කෝල්ඩ් ස්ටාර්ට්ං කියන්නේ.මෙන්න මේ කෝල්ඩ් ස්ටාර්ටිං අවස්ථාවේ දී ඇ‌ති වන වායු දූෂණය අවම කිරීමට යොදා ඇ‌ති සාර්ථක පද්ධතියකි මේ සෙකන්ඩ්‍රි එයාර් සිස්ටම් එක.අපි දැන් බලමු මේ සෙකන්ඩ්‍රි එයාර් සිස්ටම් එකට අයත් කොටස් මොනවාද?එය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද?සහ ඇ‌ති වන ගැටලු සහ එම ගැටලු හොයාගන්නේ කොහොමද කියලා.
කෝල්ඩ් ස්ටාර්ටිං වලදී එන්ජිමට සරැ ඉන්දන/වායු මිශ්‍රණයක්(Rich Air/Fuel)අවශ්‍ය වෙනවා.මෙම අවස්ථාවේ දී කාබන් මොනොක්සයිඩ් සහ හයිඩ්‍රෝකාබන් විශාල ප්‍රමාණයක් පිට කරීම සිදුවෙනවා.ඒ නිසා එන්ජින් කෝල්ඩ් ස්ටාර්ටිං වලදී මෙම වායු දූෂණය අවමකිරීමට ඔක්සිජන් අඩංගු බාහිර වාතය සෙකන්ඩ්‍රි එයාර් පද්ධතිය මගින් එක්සෝස්ට් මැනිෆෝල්යට තුලට විදීම සිදුකරනවා.මෙහි ප්‍රතිඵලයක් ලෙස පිටාර වායුව ඔක්සිකරණයට භාජනය වී පිටාර වායුව කාබන්ඩයොක්සයිඩ් සහ ජලය ලෙස පිට කිරීම සිදුකරන අතර එන්ජිම අවශ්‍ය ක්‍රියාකාරී උෂ්ණතවයට පැමිණි විට සහ කැටලික් කන්වටරය ක්‍රියාකාරී උෂ්ණත්වය ලඟා වූ විට ලැම්බ්ඩා පාලන ඒ‌කකය එහි නිසි ක්‍රියාකාරීත්වය පවත්වාගෙන යාම සිදුකරයි.
සෙකන්ඩ්‍රි එයාර් පද්ධතියේ උපාංග/කොටස්
සෙකන්ඩ්‍රි එයාර් පම්ප් එක මගින් බාහිර වායුව ඇ‌දගෙන එක්සෝස්ට් මැනිෆෝල්ටය යටින් පිටාර වායුව මතට විදීම සිදුකරන අතර ඒ‌ සඳහා ඉන්ටේක් මැනි මැනිෆෝල්ට් වායුව ඇ‌ද ගැනීමක් නොකර ඒ‌ සඳහා එන්ජින් බේ තුලම ඇ‌ති වෙනම එයාර් ෆිල්ටරයක් සෙකන්ඩ්‍රි එයාර් පම්ප් එක සම්බන්ධ කර තියෙනවා.
මෙම සෙකන්ඩ්‍රි එයාර් වෑල්වය සෙකන්ඩ්‍රි එයාර් පම්ප් එක සහ එක්සෝස්ට් මැනිෆෝල්ටය අතර ස්ථානයක සවිකර තියෙනවා.ඒ‌වගේම විවිධ වර්ගයේ සෙකන්ඩ්‍රි එයාර් නන් රිටර්න් වෑල් වර්ග භාවිතා කරන අතර මෙම වෑල්වය මගින් පිටාර වායුව ඝනීභවනය වීම නිසා හෝ පිටාර පහර තුල දී(මිස්ෆයර් නිසා)සෙකන්ඩ්‍රි එයාර් පම්ප් එකට හානිවීම වලක්වනවා.
කෝල්ඩ් ස්ටාර්ට් වල දී පමණක් සෙකන්ඩ්‍රි එයාර් වායුව පිටාර මැනිෆෝල්ටය වෙත පමණක් ගමන් කරීමට සෙනක්ඩ්‍රි එයාර් ෂට් ඔෆ් වෑල්යක් ඇ‌ත.මෙම සෙකන්ඩ්‍රි එයාර් වෑල්වය වැකියුම් පාලන සොලනොයිඩ් ස්විචයක් මගින් හෝ සෙකන්ඩ්‍රි එයාර් පොම්පයේ පීඩනයට ක්‍රියාකිරීමට සකස්කර තියෙනවා.
අලුත් වර්ගයේ ෂට් ඔෆ් වෑල් සහ නන් රිටර්න් වෑල්වය එකට ඒ‌කාබද්ධ කර තනි එක් සෙකන්ඩ්‍රි එයාර් වෑල්වයක් ලෙස සකස් කර තියෙනවා.ඒවගේම වේගවත් ලෙස ඇ‌රීමට සහ වැසීමට හැකි ලෙස ඉහල බලයක් සහිත අලුත් නියුමැටික් සෙකන්ඩ්‍රි එයාර් වෑල් නිර්මණය තියෙනවා.මේ මගින් වෑල් දොර මත අලු සහ කූණු තැන්පත්වී සිරවීම අවම තියෙනවා.
සමහර සෙකන්ඩ්‍රි එයාර් වෑල්වයට ප්‍රෙෂර් සෙන්සරයක් තියෙන අතර ඒ‌ මගින් OBD අධ්‍යනය කිරීමේ හැකියාව තියෙනවා.
සෙකන්ඩ්‍රි එයාර් පද්ධති සහ OBD
යුරෝපීය EOBD මගින් සෙකන්ඩ්‍රි එයාර් පද්ධතියේ ඉලෙක්ට්‍රිකල් සම්බන්ධතා පමණක් පරීක්ෂා කල හැකි නමුත් එහි ක්‍රියාකාරීත්වය අධ්‍යනය කිරීමේ පහසුකම නැහැ.
නමුත් ඇ‌මෙරිකානු OBD ll වර්ෂන් මගින් සෙකන්ඩ්‍රි එයාර් පද්ධතියේ ක්‍රියාකාරිත්වය අධ්‍යනය කිරීමේ හැකියාව තියෙනවා.එනම් එන්ජිම රත්වී ඇ‌ති විට එක් ධාවන චක්‍රයක් සමග සෙකන්ඩ්‍රි එයර් පද්ධතිය සම්බන්ධ කිරීමේ හැකියාව තියෙනවා.එවිට ලැම්බ්ඩා සෙන්සරය අමතර ඔක්සිජන් සඳහා විරැද්ධව ක්‍රියාකර සෙන්සර් සිග්නල් කොන්ට්‍රෝල් මොඩියුලයේ කලින් සක්ස් කර ඇ‌ති වටිනාකම් සමග සංසන්ධනය කර පරීක්ෂා කරන්න පලුවන්.
වෙන්න පුලුවන් OBD දෝෂ කේතයන්:
• P0401-Mulfuntion
• P0411-Insuficint Qunttiy
සෙකන්ඩ්‍රි එයාර් වෑල්වය විවෘතව තිබීමෙන් ඉන්ධන වායු මිශ්‍රණය " too lean " ලෙස ලැම්බ්ඩා සෙන්සර් සිග්නල් ලබාදීම නිසා පහත දෝෂ කේත පණිවිඩය දක්වනවා.
• Lambda sensor-control limited reach.
සෙකන්ඩ්‍රි එයාර් සිස්ටම් රෝගවිනිශ්චය සඳහා උපදෙස් සහ සෙකන්ඩ්‍රි එයාර් පද්ධතිය හා සම්බන්ධ වඩාත් පොදු හේතු:
• ශබ්ද සහිත සෙකන්ඩ්‍රි එයාර් පම්ප්.
• සෙකන්ඩ්‍රි එයාර් පම්ප් එක ක්‍රියා නොකිරීම.
මේ වගේ බොහෝ අවස්ථාවල අක්‍රීය නන් රිටර්න් වෑල්වය හෝ වැරදි සෙකන්ඩ්‍රි එයාර් වෑල්වය හේතුවෙන් පිටාර වායුව සෙකන්ඩ්‍රි එයාර් පම්ප් එක ඇ‌තුලට ගමන් කිරීම නිසා එයට හානි කරනවා.ඒ‌ නිසා මෙම පද්ධතියේ එක කොටසක් හෝ දෝෂ සහිත නම් එය අනෙක් කොටස් වලට ද හානි කරන්න පුලුවන් නිසා පද්ධතියේ යම් ප්‍රශ්ණයක් තියෙනවා නම් සියලුම කොටස් පරීක්ෂා කරන්න.
සෙකන්ඩ්‍රි එයාර් පම්ප් පරීක්ෂා කිරීම:
• කෝල්ඩ් ස්ටාර්ටිං වල දී මෙම සෙකන්ඩ්‍රි එයාර් පම්ප් එක උපරිම තත්පර 90 ක්‍රියාත්මක වෙනවා.
• එන්ජිම රත්වී ඇ‌ති විට මෙම සෙකන්ඩ්‍රි එයාර් පම්ප් එකේ වයර් කනෙක්ටරය ගලවා එයට 12V වෝල්ට් බැටරි විදුලි සැපයුමක් ලබාදීම මගින් මෙම සෙකන්ඩ්‍රි එයාර් පම්ප් එක වැඩ කරනවා ද නැද්ද යන්න පරීක්ෂාකරන්න පුලුවන්.
ඒ‌ වගේම මෙම සෙකන්ඩ්‍රි එයාර් පම්ප් එක තත්පර් 90 කට වඩා වැඩි කාලයක් එක දිගට නොකිරීම සඳහා විශේෂයෙන් සැලසුම් කර තියෙනවා.
• මෙම සෙකන්ඩ්‍රි එයාර් පම්ප් එක වැඩ කරන්නේ නැත්නම්,සෙම්න් ගාට ගාට වැඩකරනවා නම්,විසිල් ශබ්ද හෝ සීරැම් ශබ්ද සහිතව වැඩ කරනවා නම් මාරැකිරීමට සිදුවෙනවා.
• එවැනි ඉහත හේතු තියෙනවා නම් සෙකන්ඩ්‍රි එයාර් පම්ප් පද්ධතියට සම්බන්ද අනෙකුත් කොටස් ද පරීක්ෂා කිරීමට අවශ්‍ය වෙනවා.
• සෙකන්ඩ්‍රි එයාර් පම්ප් එක මගින් වාතය එන්ජින් ඉන්ටේක් පද්ධතියෙන් වෙනුවට එන්ජින් බේ තුලින් ඇ‌දගන්නවා.ඒ‌ සඳහා වෙනම ෆිල්ටරයක් තියෙන අතර ඒ‌ක අවහිර වෙන්න පුලුවන්.
සෙකන්ඩ්‍රි එයාර් වෑල්වය පරීක්ෂා කිරීම.
• වැකියුම් මගින් පාලනය වන සෙකන්ඩ්‍රි එයාර් වෑල්වය හෑන්ඩ් වැකියුම් පම්ප් එකක් මගින් පරීක්ෂා කර බලන්න පුලුවන්.
• වැකියුම් මගින් වෑල්වය විවෘත නොවෙනවා නම් වෑල්වය මාරැකන්න සිදුවෙනවා.
• මෙම සෙකන්ඩ්‍රි එයාර් වෑල්වය වැකියුම් මගින් විවෘත නොවෙනවා නම් සොලනොයිඩ් මගින් ක්‍රියාත්මක වන වෑල්වය සහ වැකියම් හෝස් පරීක්ෂා කර බලන්න.
• සෙකන්ඩ්‍රි එයාර් වෑල්වයේ ඩයප්‍රම් එක ලීක් නම් හෑන්ඩ් වැකියුම් පම්ප් ගේජ් එකේ රීඩිංස් අඩුවෙනවා.
• සෙකන්ඩ්‍රි එයාර් වෑල්වය තුලට පැත්තකින් ඇ‌ඟිල්ක් දමා පරීක්ෂා කිරීමේ දී දැලි අංශු තැන්පත්වී තියෙනවා නම්,නන් රිටන් වෑල්වය ලීක්එකක් තියෙනවා.මේක සෙකන්ඩ්‍රි එයාර් වෑල්වය සහ පම්ප් අතර ඇ‌ති හෝස් එක ගලවලා බලන්න ගන්න පුලුවන්.
ඉහත දෝෂ තියෙනවා නම්,ඒ කියන් නේ සෙකන්ඩ්‍රි එයාර් පම්ප් එක සැහෙන දුරට විනාශවෙලා.
සොලනොයිඩ් ස්ව්ච් වෑලවය පරීක්ෂා කරීම:
• සෙකන්ඩ්‍රි එයාර් එක විදින අවස්ථාවේ දී සොලනොයිඩ් ස්ව්ච් වෑල්වය ක්‍රියාකරන්න පටන්ගන්නවා.(කෝල්ඩ් ස්ටාර්ටිං වලදී)
• මෙම සොලනොයිඩ් ස්විච් එක ක්‍රියා කරන විට දී සෙකන්ඩ්‍රි එයාර් වෑල්වය විවෘත වන අතර ක්‍රියා නොකරන විට දී වෑල්වය වසා දමනවා.
• ලින්කේජ් වැඩකරනවද බලන්න හෑන්ඩ් වැකියුම් පම්ප් එක් භාවිතා කරන්න පුලුවන්
• සෙකන්ඩ්‍රි එයාර් විදින අවස්ථාවේ දී සොලනොයිඩ් ස්ව්ච් වෑල්වය මත තියෙන ඉලෙක්ට්‍රික් කනෙක්ටරයට විදුලි සැපයුම පරීක්ෂා කර විදුලිය සැපයුම නැත් නම් විදුලි සැපයුම් දෝෂයක් තියෙන අතර වයරිං ඩයග්‍රම් එක භාවිතා කර එම දෝෂය සොයාගැනීමට සිදුවේ.
වැකියුම් පද්ධතිය පරීක්ෂා කිරීම:
• ලීක් සහිත නම් වැකියුම් පාලනය වැඩ නොකරයි.
• වැකියුම් හෑන්ඩ් පම්ප් එකක් භාවිතා කර සොලනොයිඩ් ස්ව්ච් වෑල්වය සහ වැකයුම් පාලන සෙකන්ඩ්‍රි එයාර් වෑල්වය පරීක්ෂා කර බලන්න පුලුවන්.
• වැකියුම් බලය වන මිලිබාර් 640 ක අවම පාලන වැකියුම් බලය මිලිබාර් 390 වඩා අඩු වෙනවා නම් සම්පූර්ණ වැකියුම් පද්ධතියම පරීක්ෂාකිරීමට සිදුවෙන අතර ලීක් සහ හානි සිදු වූ කොටස් ආදිය ද මාරැකිරීමට සිදුවේ.
විය හැකි දෝෂ:
• හානි වුණ හෝස්.
• ලීක් සහිත නියුමැටික් වෑල්
• ලීක් සහිත නන්රිටර්න් වෑල්/වැකියුම් ඇ‌කියුමිලේටර්.
• හානි/සිදුරැ සහිත නියුමැටික් ඇ‌ක්චුඒ‌ටර්.
• ලීක් සහිත ඉන්ටේක් මැනිෆෝල්ටය.
• හානි වුණු වැකියුම් පම්ප්.
(චන්ද්‍රසිරි ජයවික්‍රම විසිනි)
14/10/2017












Comments

Popular posts from this blog

Dhammika Perera picks up last of world’s 50 Bentley Mulsanne Hallmarks

විජිත යාපා - සභාපති - විජිත යාපා ප්‍රකාශන

කොපර් (තඹ) රේඩියේටරයට අළුත් නිමාවක්