අද හරි අමුතු ජාතියේ වැඩක් උනානේ..

කුරැණෑගල යන්න කියලා හිතාගෙන අපේම CTB බස් එකකට දඹුල්ලෙන් ගොඩ උනා කියමුකෝ. අංකය තමා BN-nc-2176 අනුරාධපුර කොළඹ බස් එකක්. වෙලාව උදේ .9.00 ට විතර ඇති දඹුල්ලෙන් ගොඩ වෙලා වාඩි උනා.. හිස් ආසන බොහොමයක් තිබූනා. ටිකට් එක ඉල්ලුවාම කොන්දොස්තර කියනවා කුරැණෑගලට වාඩි වෙලා යන්න බෑලු.. හිටගෙන යන්නලු නැත්නම් බහින්නලු. මං ඇහුවා මෙච්චර ෂීට් හිස්ව තිබියදීත්, කුරැණෑගල ලොකු දුරක් යන්න තියෙන නිසාත් නිසාත් ටිකට් ඒකක් දෙන්න කියලා. (මීට කලින් කිසිදු බස් රථයක කිසි දිනක දඹුල්ලේ සිට කුරැණෑගලට අසුන් නොගන්නා ලෙස දන්වා නැත.)




 මම ඇහුවා කොන්දොස්තරගෙන් එහෙම නිතියක් තියෙනවද කියලා. මේකා කියාපි එහෙම නිති නැති බවත්, ඒක තමාගේ නීතියක් බවත්... මේකා තක්කඩි මෝඩ කොන්දොස්තරයෙක් බව තේරැම් ගත්ත මං ඌත් එක්ක ඇරගෙන වැඩක් නෑ කියලා හිටං අසල සිටි අයෙකුගේ ටිකට් පතක් පොටෝ ගහගෙන ගලේවෙලින් බැස්ස.. බස් එකේ පොටෝ එකකුත් ගත්තා. ඒ වෙලාවෙත් මේකා කියාපි පැමිණිලි කරලා බලන්නකෝ මහත්තයෝ කියලා.කින්ඩියට වගේ... ඉතින් මේ ගැන පැමිණිලි කරන්න කියලා හිතාගෙන ටිකට්පතේ ඇති අනුරාධපුර ඩිපෝවේ අංකයට කෝල් කලාම එහේ නිලධාරියෙක් මට මනුස්සකම ගැන දේශනයක් දෙන්න ගත්තා කියමුකෝ. ඔහුගේ සේවකයා නිවැරදි තැන තියලාතමා කතා කලේ. පුද්ගලික බස් වල ඔච්චර දේවල් වෙනවා අරවා වෙනවා මේවා වෙනවා ඒවා ගානක් නෑ. කවරැත් කතා නෑ. ..යනුවෙන් මේකට කොහොමත් අදාල නැති හුගක් දේවල් කීවා. අවසානයේ මං ඇහුවේ ඒහෙනම් කොන්දොස්තර මහතා කරපු දේ හරි කියලද කියන්නේ කියාය. ඒවිට "මට ලිඛිතව ලියලා ඒවන්න "කියා දඩාස් ගා රිසිවරය තිබ්බේය. කොන්දට එච්චර හයියක් තිබ්බේ ඇයි කියලා එවෙලෙයි තේරැනේ..මොන තුප්පහි වැඩේ කලත් රකින නිලධාරියෙක් ඌටද සිටී.. ඉතින් CTB එක කොහොම ගොඩ ගන්නද...? අසරණ මගීන්ට කාගේ පිහිටද..? ලෝකෙත් එක්ක ගත්තාම අපි කොහෙද ඉන්නේ.. අපේ මනුස්සකම්, කරැණාව, දයාව අද කොහෙද..? මේ ඉන්නේ ඒ කොන් දොස්තර මහත්තයා තමා..


- Wasantha K Rajamanthre

Comments

Popular posts from this blog

Dhammika Perera picks up last of world’s 50 Bentley Mulsanne Hallmarks

විජිත යාපා - සභාපති - විජිත යාපා ප්‍රකාශන

කොපර් (තඹ) රේඩියේටරයට අළුත් නිමාවක්