රුවන්පුරයට ආක්‍රමණයක්....

රත්නපුරය මැණික් වලට වාගේ ම ප්‍රසිද්ධියක් උසුලන තවත් නාමයක් තමයි ලාන්සර් බොක්ස් කියන්නෙ... එය අවිවාදාත්මක කාරණයක් වෙනවා සේව මොන දහන්ගැට දැම්මත් වෙනස් නෙවෙන කාරනයක්ද වන්නේය. ලාන්සර් බොක්ස් බලන්නට නම් රත්නපුරේ යන්න ඕනි යන්න රතගාය හිමි කවුරුත් දන්න ක⁣ාරණයක්... ඒ වගේම ලාන්සර් බොක්ස් ගන්න හොයන අයත් හොයන්නේ රත්නපුරේ කන්ඩිෂන් ලාන්සර් බොක්ස් එකක් සොයා ගැනීමයි....



ඒත් මොකද්ද මේ රත්නපුරේ කන්ඩිෂන් එක..... ?

රත්නපුරේ තිබෙන බොහොමයක් ලාන්සර් ඔරිජිනල් මට්ටමේ පවතින කාර්. ලොකු බෆර්, ස්පොයිලර්, බීට් සයිලන්සර් රත්නපුරේ ලාන්සර් හිමියන්ට අරහං..... ඒ වගේම ඇලෝවීල් වත් ⁣දැමීමට අකමැති ඔරිජිනල් ලාන්සර් හිමියන් අනන්තවත් රත්නපුරේ ඉන්නවා... ඒ ගැන දන්නෙ අපි ම විතරයි. ගියර් හතරද ගියර් පහද රෙඩ් බීඩින්ද බ්ලැක් බීඩින්ද සුපර් ඉන්ටීරියර්ද කියලා මහලොකු වෙනසක් මෙහෙ දකින්නෙ නෑ. නමුත් මොක උනත් ඔරිජිනල් නම් වටිනවා... ඒකයි වෙනස.



ඉතින්....... මේ ලියවෙන්නෙ රත්නපුරේ ලාන්සර් එකමුතුව ගැන කතාවක්.

ලාන්සර් යනු ජපන් බාසාවෙන් හෙල්ලක් අතින් ගත්තු මිනිසා යන අරුතලු. අපි සිංහලෙන් කිවුවෙත් සෙබලා කියන්න පුලුවන්... මේ ලියවෙන්නෙ රත්නපුරේ වෙච්ච ලාන්සර් ආක්‍රමණයක් ගැනයි
දැනට මාස කිහ්පයකට කලින් රත්නපුරේ නිතර හමුවන ලාන්සර් හිම් සහොදරයන් කිහිප දෙනෙක් එකතු වෙලා රත්නපුර ලාන්සර්හිමියන්ගේ සංගමයක් හදා ගත්තා. මුල්ම හමුව තිබුනෙ බෙලිහුල්ඔය. එක හරි අපුරු අත්දැකීමක් වුනා. හරියටම දවස කිවුවෙත් ජූලි ම⁣ාසෙ 30. රත්නපුර ලාන්සර් බොක්ස්, ලන්සර් ප්ලැට්ලයට්, ටියුබ්ලයිට් කාර් විසිපහකට වැඩි ගනනක් එදා එකතු වුනා. හැමෝට සුන්දර මතක ගොන්නක් එකතු කරපු දවසක වුනා...

කලින් ම ස්ටිකර් එකක් එහෙම ඩිසයින් කරලා ප්‍රින්ට් කරගෙන එදා අපි පාන්දරම රත්නපුරේ නගරයට එකතු වුනා. උදේ කෑමත් අරං ස්ටිකර් අලවගෙන සතුටු සාමිචිකතාවෙ යෙදිලා එහෙම රැලිය සංවිධානය කර ගත්තා. ආඩම්බරකාර මේ හාද රැල බොහොම ජවයෙන් රත්නපුර නගරය වටේ රවුමක් දාලා බෙලිහුල්ඔය බලා ගමන පටන් ගත්තා.

හම්මා.... තියෙන ගැම්ම.... පාර දෙපැත්තෙ ඇරුනු කටවල් දිලිසෙන ඇස් සහ දිගු කරපු අත් විතරයි දකින්න තිබුනේ.. හැබැයි ඉතින් මේ හැමෝම නිතර දෙවේලෙ රත්නපුරේ කරග්ගහන උදවියම තමයි.ඒත් එදා හැමෝගෙම අමුතු මනමාලකමක් ගැවිලා තිබුනා...
කොහොමෙන් හරි රත්නපුරේ පැල්මඩුල්ල ඕපනායක පහුකරන් බලංගොඩට එද්දි 10.30 විතර වුනා... කට්ටිය පොටෝ ගහගෙන රඟපාගෙන එද්දි ඉතින් කොහොමත් ටිකක් පරක්කු වෙනවනේ...


බලංගොඩ කාගීල්ස් සිටියෙ කාර පාර්ට්ස් ලාන්සර් පාර්ක් එකක් බවට පත්කලා අපි. ⁣කාර් වලට මද පමණට පෙට්‍රල් ගහලා තිබුනට ඉතින් යන අයත් පොඩි එකක් ගන්න හිතලා තමයි එතන නැවතුනේ.... එතන එක කෙලියයි.. පොටෝ ගහනවා ගහනවා ගහනවා ඉවරයක් නෑ.... ඉතින් කට්ටිය උවමනා අඩුම කුඩු ම ගෙදර යන ගමන් ගන්න තැනින් අරන් ඔන්න ආයෙ ගමන පටන් ගත්තා. දැන් ගමනෙ ලස්සනම හරිය... වටපිටාව කඳු. පාරෙ වංගු, කඳු පල්ලම්.. කාර් තිහක් විතර එක පෙලට යද්දි හරි අපුරු අත්දැකීමක් වුනා හැමොටම.
ඊලඟට නතර වුනේ බෙලිහුල් ඔය... එතන අපි පොඩි පොටෝ ෂුට් එකක් කලා...
 කවදා හරි මතක අලුත් කරන්නෙ මේ පොටෝ තමයි. ඊට පස්සෙ කෙලින්ම අපේ ගමනාන්තය වෙච්චි හිරිකටුඔයට තමයි ගියේ.

හිරිකටුඔය කියන්නෙ ⁣බෙලිහුල්ඔය ඉදන් කිලෝමීටර් පහක් හයක් ගිය තැන නන්පෙරියල් වත්තට යන පාරට හැරිලා කිලෝමීටරයක් විතර ගියාම හමුවෙන සුන්දර ඔයක්. එතන ආරක්ෂිතව නාන්න පුලුවන් තැනක්. ඒ වගේම යුධ හමුදාවෙන් පාලනය වෙන නිවාඩු නිකේතනයක්ද තියෙනවා. සුන්දර පරිසරයක්.
ඉතින් අපේ සෙබලු ටිකයි හමුදා සෙබලු ටිකයි දෙගොල්ලොම එක පෙලට.
මෙහෙම එකතු වුන කට්ටියම ⁣හිරිකටු ඔයේ සීතල වතුර ටිකක් නා කියා ගන්න සෙට් වුනා. කට්ටියක් කෙලින් ම සීතල වතුරෙ බහිද්දි තව කට්ටියක් ගෙදර යන ගමන් බඩු ගන්න තැනින් ගත්තු රත්වෙන වතුර ටිකක් නා කියා ගන්න ලෑස්ති වුනා.


වතුරෙ බලෙන් කටිටිය රත් වීගෙන එද්දි ගායකයන්ගෙ මධුර හඬ එක එක මතු වුනා.... ඉතින් හැමෝම හරි සතුටින් එකතු වෙලා සිංදු කියලා නටලා නාල දිවා ආහාරයත් එතනිදිම අරගෙන එන්න පිටත් වුනා. එද්දි නම් බොහොම පරිස්සම් ගමන ආවෙ... මොකද පදම් වෙච්ච අයත් හිටියනේ...
කොහොම හරි හවස හය විතර වෙද්දි අපි නැවත රත්නපුරේ ට ආවා...

ඉතාමත් සුන්දර මතක ගොඩක් එකතු කරපු ලස්සන දවසක් කිසිම කරදරයක් නැතිව එහෙම ගත වුනා....
ඊලගට අපි සංගමයක් වශයෙන් නැවත රැස් වුනා පහුගිය නොවැම්බර් 5 වෙනිදා.. එදා අපි රැලියක් සංවිධානය කලේ නෑ. රත්නපුරේ වැලිමලුවෙ එමරල්ඩ් හොටෙල් එකේ තමයි රැස්වීම තිබුනෙ.. උදේ නමයයි තිහ විතර වෙද්දි අපි එකතු වුනා සංගමයක් විදියට ඉදිරි වැඩකටයුතු ගැන පැයක එකහමාරක සාකච්ඡාවක් කරලා හැමදෙනාගෙම කැමතිම කාර්යයට ලෑස්ති වුනා.හැබැයි මෙදා නම් අපිට බෙලිහුල්ඔය දවස තරම් ලේසි වුනෙ නෑ. මොකද වැහි දෙයියෝ අපිට පොඩි කොචොක් පාරක් දාන්න ගත්තා.



අපි ලෑස්ති වුනේ පැල්මඩුල්ලෙ කිiරිඳි ඇල්ලට ගිහින් නාලා කරලා ⁣එන්නයි. ඒත් එදා නං අර සමන් දෙවිහාමුදුරුවන්ට වැහි බෙදන සභාවෙදි කතරගම දෙවිහාමුදුරුවන්ගෙන් හම්බ වෙච්ච වැහි පංගුවද කොහෙද වැස්සෙ....ඇයි අත් දොලහකින් හම්බවෙච්ච වැස්සම වහින්ඩ එපැයි. සෙබලුන්ට අවුවැසි අදාල ම නෑ සහෝදරවරුනි කියලා අපි සැට් එකම පාරට බැස්සා.

කාර් ඔක්කොම එක පෙලට පැල්මඩුල්ල ගනේගම පන්සල ගාව නතරවුනා... පෙටෝ ටිකක් ගන්න හිතාගෙන..... වහිනවා වහිනවා ඉවරයක් නෑ වහිනවා....ඒකත් හරි ලස්සනයි . වැහි පොදත් එක්ක කාර් සෙට් එක පේලියට. එතන නතරවෙලා ලස්සන පොටෝ ටිකකුත් අල්ලගෙන අපි කිරිදි ඇල්ලෙ ගමන කැන්සල් කලා අයහපත් කාලගුණය නිසා.

සියලුදෙනාගෙ ම කැමැත්තෙන් අපි තීරණය කලා ඕපනායක යන්න. වේ ගඟ අයිනේ ලස්සන තැනක් ගැන තොරතුරක් ලැබුනා. මේ වෙද්දි වැස්සත් පොඩ්ඩක් තුරල් වෙලා. ඉතිං අපි එක පෙලට ගමන ඇරඹුවා. පැල්මඩුල්ල නතර වෙලා ඕනි කරන අඩුම කුඩුම ටිකක් ගත්තා.. එතනින් කෙලින්ම ඕපනායක. වැස්ස නිසා හිතගෙන හිටපු හැමදෙිම කර ගන්න බැරි වුනත් අපි ලස්සන දවසක් නිර්මාණය කර ගත්තා.. වේ ගඟ ඉවුරෙ හිටියට වැස්ස නිසා කවුරුත් නාන්න බැස්සෙ නෑ. ආරක්ෂිතව ගැන සලකලා. ඉතින් එතන පොඩි යට මධුවිත සප්පායමකින් පස්සෙ දිවා ආහාරයත් අරන් අපි නැවත ගෙවල් දොරවල් බලා එන්න පිටත් වුනා.... ඒ ආවෙත් එක පෙලටම තමයි.


මේ විදියට ලස්සන දින දෙකක මතක අප සංගමයේ කාගෙත් මතක යේ රුදිලා තිබෙනු නොඅනුමානයි .
ලාන්සර් යනු ඉතාමත් සැප පහසු නමුත් පෙට්‍රල් නම් ටිකක් වැඩියෙන් බොන තවමත් හොඳ තත්වයේ පවතින කාර් මොඩල් එකක්. දැනට වයස අවුරුද්ද හතලිහකට ආසන්න උනත් තවමත් ජව සම්පන්නයි. අදටත් රත්නපුරේ මැණික් වෙලඳ ව්‍යාපාරික මහතුන් අත පවතින ලාන්සර් වලට මැණික් හා සමාන වටිනාකමක් ද රත්නපුර දී පවත්නවා. අදටත් කොටිපති මැණික් වෙලඳ මහතුන් තම නිවෙස් වල ප්‍රාඩෝ මොන්ටේරෝ බෙන්ස් බීඑම්ඩබ්ලිව් වැනි වාහන තිබුනත් අඹගහයට මැණික් වෙලඳපොලට පැමිණෙන වාහනය ලාන්සර් එකක් බවට පත් කරගෙන තියෙන්නෙ එ්වායේ ඇති පිලිගැනීම නිසා බව රත්නපුරේ අය දන්නවා. ඒ වගේම ඒ අය ආදරයෙන් ඒ කාර් රැක බලා ගැනීමත් සිදුකරනවා. වියදම් කර හදනවා.. ඔරිජිනල් මට්ටම රකිනවා. ඒ නිසාම රත්නපුරේ ලාන්සර් වලට ඉහළ ඉල්ලුම සහ ඉහළ මිලක් පවතිනවා.

කාර් වයසට යන්නෙ නැත. ඔවුනට වයස යනු ඉලක්කමකි. අවුරුදු ගනන වැඩි වන තරමට ඔවුන් පරණ නොවී ක්ලැසික් බවට පත්වේ. අපි කාර් හිමියෙක් නම් අපේ වගකීම වන්නෙ ඔවුන් නිසි ආකාරයෙන් රැක බලා ගැනීමයි. අපි නිසි නඩත්තුව හරියට සිදුකරන්නේ නම් ඔවුන් අපි සමඟ ඕනෑම දුරක් යාමට සූදානම් බව අත්දැකීමෙන් මා දන්නා කරුණකි. යකඩ සමඟ අපි ගෙවන සෑම තත්පරයක් ම සුන්දර මතකයන් කරගන්න. ජීවිතයේ අමුතු රසයක් ඔබටත් දැනේවී....."

- ධනුක ගුණසේකර
විශේෂ ස්තුතිය - කාර් පිස්සුව

Comments

Popular posts from this blog

Dhammika Perera picks up last of world’s 50 Bentley Mulsanne Hallmarks

විජිත යාපා - සභාපති - විජිත යාපා ප්‍රකාශන

කොපර් (තඹ) රේඩියේටරයට අළුත් නිමාවක්